'යටිපතුල්' සහ 'ගිනි උදුන මෙලැවීම' යන නිර්මාණ දෙක බලන්න.

ස්වකීය 'සර්වත්‍රතාව' හෙවත් 'යමක් කාලය හා ස්ථානය නොතකා සමගාමී ලෙස කොයි තැනත්, කොයි කලත් පවතින තත්ත්වය' යන ලක්ෂණය නිසා නිව් යෝර්ක් සංස්කෘතික ක්ෂේත්‍රයේ විශේෂ පුද්ගලයකු ලෙස සැලකුණු හාල් හිර්ෂෝන් පසුගිය දා මියගියේ ය.
සාමුහික ප්‍රදර්ශනයක් විවෘත කිරීම නිමිත්තෙන් මිතුරකුගේ නිවසේ පැවති උත්සවයක දී හිර්ෂෝන් මියගියේ ය.
නිව් යෝර්ක් කලා ක්ෂේත්‍රයේ පැතිරුණු උග්‍ර කලා ව්‍යාපාරික හා වෙළෙඳ උන්මාදය නොතකා, පැරණි කැමරා සහ 19 වෙනි සියවසේ තාක්ෂණය පාවිච්චි කරමින් හාල් හිර්ෂෝන් එහි රැඳෙන්නට සමත් විය.

ඔහු අගය කළ නිව් යෝර්ක් කලාකරුවන් කියා සිටියේ, මුදල් තණ්හාවෙන් තොරව නිර්මාණාත්මක දිවියක් ගෙවන්නකුගේ 'අවතාරය' හා 'අනුප්‍රාණය 'හිර්ෂෝන් මහතා' බව ය.
කෞතුක කැමරා සහ පැරණි ක්‍රමයට තමා ම සාදා ගත් පේන්ට් පාවිච්චි කළ හාල් හිර්ෂෝන්ගේ ඡායාරූපවල තිබෙන්නේ කාලයට නොගැලපෙන පෙනුමකි.

හිර්ෂා්ෙන් සිය 'නෙගට්ව්' මත ලුණු හා රිදී මිශ්‍රණයක් අතුරා බාහිරාලෝකයට යොමු කොට රූප මතු කළේ ය - Applying a solution of salt and silver to drawing paper, layering it with a negative and exposing it to light to capture an image -