ලාංකේය සිනමාවේ විශිෂ්ට රංගවේදියෙකු වන මහේන්ද්‍ර පෙරේරා මහතා ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ ,හොඳම සහය නළුවා ලෙස නිර්දේශිත නාම අතර පත්වෙයි.
මහේන්ද්‍ර පෙරේරා මහතා එසේ නිර්දේශ වී ඇත්තේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රසන්න විතානගේ මහතාගේ 'පැරඩයිස්' සිනමාපටයේ සාජන් බණ්ඩාරගෙ රංගනය වෙනුවෙන් ය.
එමෙන්ම 'පැරඩයිස්' සිනමාපටය ද මෙම ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ හොඳම සිනමාපටය ලෙස නිර්දේශ වී තිබේ. ලාංකික අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණයක් ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ හොඳම සිනමාපටය ලෙස නිර්දේශ වූ ප්‍රථම අවස්ථාවද මෙයයි.
එමෙන්ම පැරඩයිස් සිනමාපටය වෙනුවෙන් හොඳම සංස්කරණයට A ශ්‍රීකර් ප්‍රසාද් සහ හොඳම නිළිය ලෙස දර්ශනා රාජේන්ද්‍රන් නිර්දේශ වී ඇත.

ඉන්දියානු විචාරක සම්මාන උළෙල මෙවර 2025 මාර්තු 25 ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රසන්න විතානගේ ඇතුළු 'පැරඩයිස්' සිනමාපටයේ කාර්යය මණ්ඩලයට සහ මහේන්ද්‍ර පෙරේරා මහතාට Mirror Arts අපගේ සුභ පැතුම්!