ගිය සුමානෙ සෙනසුරාදා තුම්මුල්ල හන්දියෙ ශ්රී විහාරය වන්දනා කරලා ගී රෝස්ට් එකක්, උත්තප්පම් සහ ෆෘට් ඇන් නට් ලැසී වැලඳුවා.
හැබැයි ඒක ඒ තරම් රසවත් අත්දැකීමක් වුනේ නෑ.
ආයෙ කාලෙකට ශ්රී විහාරය වඳින් නෑ කියලා හිතාගෙන ඉද්දි ඊයෙ නුගේගොඩ කැන්ඩි එක පැත්තට යන්න වුනා.
බඩගින්නකුත් මෝදු වේගෙන ඇවිත් තිබුන නිසා 'ඒ තුම්මුල්ලනෙ මේ නුගේගොඩනෙ' කියල හිතලා,නුගේගොඩ ශ්රී විහාරයට ගොඩ වැදුනෙ උතුරු භාරතීය තාලියක රහ බලන්න හිතාගෙන වුනත් ඒ වෙනකොට බඩු ඉවර වෙලා.
මේ තියෙන්නෙ ගත්තු ආහාර පාන
කුල්චා
එයලගෙ ඉස්පෙසල් වෙජි බිරියානිය
පානි පූරි
මින්ට් සමග ලයිම් සෝඩා සහ ලැසී
තරමක ඉස්මුරුත්තා ගතියක් පේන තෙක් මානයට එන තරමටම බඩු රසවත් ඈ.. වෙන දවසක යනවා උතුරු භාරතීය තාලියකට වග කියන්න!
14.12.2024
- ඡායා - සටහන නිරෝෂ් ගුණසේකර