බානු රේඛා ගනේශන් හෙවත් බොලිවුඩයේ සදාහරිත ජ්‍යෙෂ්ඨ නිළියක වන රේඛා තවමත් සිය පෙනුම සහ ශරීර සෞඛ්‍ය රැකගැනීම සඳහා වේලාව වෙන් කරන නිළියක් බව ප්‍රසිද්ධ කරුණකි. රේඛාගේ මෙම පැවැත්මට අනුව සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතා අවධානය යොමු කළ යුතු කරුණක් වන අතරම ඒ සඳහා ඇය ප්‍රධාන වශයෙන්ම සරල ආහාර සහ ව්‍යායාම රටාවක් පවත්වාගෙන යන්නීය. ඒ අතර ඈ අනුගමනය කරන පියවර කිහිපයකි.
1. වතුර
රේඛ - දිනය තුළ සිය ශරීර ස්කන්ධය අනුව වතුර පානය කරයි. ඈ සෑම විටම ශරීරය විජලනය වීම වළක්වාගැනීමට කටයුතු කරන අතර ශරීරය ඇතුළාන්තය සෑම විටම වතුර පානය කරගැනීමට පියවර ගැනීමට උපදෙස් ලබාගෙන තිබේ.
2. සරල ආහාර රටාව
රේඛ්හාගේ ආහාර වේල් තුළ ඇය ගන්නා ආහාර වර්ග සීමිත සංඛ්‍යාවකි. මුදවපු කිරි යෙදූ සලාදයක්, පරිප්පු කරියක් ගෝවා වැනි එළවළු වර්ගයක්, එළවළු බත් සමග ආටා පිටිවලින් සැකසූ චපාති ඇගේ අනිවාර්ය ආහාර වේලක අංග වේ.
3. අධික තෙල්වලින් තොර වීම
ගැඹුරු තෙලේ සැකසූ ආහාර මෙන්ම කලින් සකස් කළ කෘත්‍රිම ආහාර ගැනීම රේඛා නොකරයි. කෘත්‍රිම සෝස් වැනි දෙයින්ද වැළකී සිටීම රේඛා හරියාකාරව අනුගමනය කරන පිළිවෙතකි.
4. කලින් ආහාර ගැනීම සහ නින්ද
රාත්‍රී 7.30ට පෙර රාත්‍රී ආහාරය ගන්නා රේඛා ඉන් පැය තුනකට පසුව නින්දට යාම පුරුද්දක් කරගෙන ඇත. ආහාර ගෙන පැය තුනක් හොඳින් දිරවීමට ඉඩ දීමෙන් යහපත් නින්දක් ලැබීම වෛද්‍ය මතයද වේ.
5. මුදවපු කිරි
මුදවපු කිරි ඇගේ ආහාර රටාවේ ප්‍රධාන අංගයකි. ඇගේ සෑම ආහාර වේලක් සමගම බොහෝ දුරට රේඛා මුදවපු කිරි ආහාරයට ගනී.
6. කෙටි ආහාර රටාව
කෙටි ආහාරයක් අවැසි නම් රේඛා වැඩියෙන්ම ආහාරයට ගන්නේ දෙළුම්, වෝල්නෞට්ස්, ආමන්ඩ් වැනි දෙයකි. ඇතැම් විට හබල පෙතිවලින් සැකසූ ආහාරයක් සමග ගැනීමද කරයි.
7. නිර්මාංශ වීම
ලෝක්යේ නිර්මාංශ වීම වර්තමනයේ විලාසිතාවක් නොවුණද රේඛා මේ දක්වා නිර්මාංශව ආහාර ගනී. ඇගේ දකුණු ඉන්දීය සංස්කෘතික ආභාසයද නිර්මාංශ වීමට ඈට රුකුලක් වී තිබේ.
8. සරල ව්‍යායාම සහ යෝගා
දිනකට විනාඩි 10-15 අතර වේලාවක් රේඛා ව්‍යායාම කිරීමට යොදා ගනී. මීට අමතරව උද්යෝගිමත්ව සිටීමට නර්තනයද අත් නොහැර සිටීමට රේඛා පුරුදුව ඇත. නිවසේ සාමාන්‍ය වැඩ සහ ගෙවතු වගාවටද ඈ ශරීරය පුහුණු කර සිටින බව පැවසේ.
9. මන්ත්‍ර
ඇගේ මන්ත්‍රය වන්නේ නිසි වේලාව නොවරදවා ආහාර ගැනීමයි.
ශිවන්ති ප්‍රනාන්දු