සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය "කදිර දිව්‍යරාජ" මෑත කාලයේ රිදී තිරයට දායාද වූ සුවිශේෂී නිර්මාණයකි.
කතරගම දෙවියන්ගේ සහ වල්ලි අම්මාගේ අසිරිමත් පේ‍්‍රම කතාව පදනම් කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමා පටයේ දෙවි කෙනෙකුගේ ප්‍රේමය ලද එකම මනුෂ්‍ය ස්ත්‍රිය වන වල්ලිමාතාවට පණ පොවන භාරතීය රංගන ශිල්පිනී සොනක්ෂි රාවට් සමගිනුයි මේ කතාබහ.
සම්පූර්ණ නම?
සොනක්ෂි සිං රාවට්
භාරතයේ ඔබේ උපන් ගම් පළාත
මම ජීවත්වන ගම් පළාත පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ මුම්බායි සහ රාජස්ථානයයි අතරමැද.
පවුලේ තොරතුරු?
අපේ පවුලේ සාමාජිකයන් හයදෙනයි. අම්මායි, තාත්තායි, අක්කායි, නංගිලා දෙන්නායි මමයි. මගේ වයස අවුරුදු 27යි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහිණියක්. මගේ පවුලේ කලාවට සම්බන්ධ මම විතරයි.
සොනක්ෂි තාමත් අධ්‍යාපනය හදාරනවද?
මේ වෙනකොට මම අධ්‍යාපනය හදාරා අවසන්. මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක්.
සොනක්ෂිට කෙහොමද කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ?
පුංචි කාලේ ඉඳලා මං බොලිවුඞ් චිත්‍රපට පිස්සියක්. සිනමාවට මං පුදුම විදිහට ආස කළා. කවදාහරි සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු හීනයක් මට තිබුණා. එහෙම ඉන්න අතරතුර මට අවුරුදු 16 දි නිරූපණ ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණා. එතැනින් පස්සේ මම නිරූපන වැඩවලට වගේම වෙළෙඳ දැන්වීම්, ටී.වී. සීරියස් සෑහෙන ප්‍රමාණයකට දායක වුණා.
ඉන්දියානු සිනමාව තුළ මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ?
ඉන්දියානු සිනමාව තුළ මට විශාල අත්දැකීම් නැහැ. මගේ පළමු රංගනය තෙලිඟු චිත්‍රපටයක්. ඒ තමයි naa love story චිත්‍රපටය. කදිර දිව්‍යරාජ මගේ දෙවැනි චිත්‍රපටය.
ලාංකීය සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ප්‍රධාන චරිතයකින් මම සිනමාවට එන පළමු සිංහල චිත්‍රපටය කදිර දිව්‍යරාජ. මම මීට පෙර කවදාවත් ලංකාවේ සිනමාව ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම ලංකාවේ සිනමාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා හීනෙකවත් තිබුණෙ නැහැ. මේ හැමදේම හරිම අහම්බෙන් සිද්ධ වුණු දේවල්. සුනිල් සර් ඉන්දියාටව ආපු වෙලාවේ මේ චිත්‍රපටයේ පුහුණු රඟපෑමක් තිබුණා. මමත් එකට සහභාගි වුණා. ඉන් පැය කිහිපයකින් මාව තෝරගත්තා කියලා දැනුම් දුන්නා. ගිවිසුම් අත්සන් කරලා ලංකාවට යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා. මේ හැමදේම වෙන්න ගියේ පොඩි කාලයයි. අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් සර්ට ස්තූති කරනවා මාව මේ සදහා දායක කරගත්තාට. මේක මගේ කලා ජීවිතේ ලැබුණු ලොකු අවස්ථාවක්.
මීට පෙර ලංකවේ සංචාරය කරලා තියෙනවද?
ඔව්. නිරූපණ කටයුතු කිහිපයක් සඳහා මීට පෙර දෙතුන් වතාවක් මම ලංකාවට ඇවිත් තියෙනවා. හැබැයි ලොකු කාලයක් රැඳිලා හිටියේ නැහැ. චිත්‍රපටයට තෝරාගත් වෙලාවේ සුනිල් සර් කිව්වා මාසයක් ලංකාවේ රැඳෙන්න වෙනවා කියලා. ඒ වෙලාවේ මමයි සමර්රුයි මූණට මූණ බලාගත්තා. මුම්බායි ඉඳලා ලංකාවේ පරිසරයට සහ පුද්ගලයින්ට හුරුවෙන්න අමාරු වෙයි කියලා අපි දෙන්නාම බය වුණා. ඒත් පහසුවෙන් ඒ හැමදේටම හුරුවෙන්න පුළුවන් වුණා. අන්තිමට චිත්‍රපටය ඉවර වෙලා ලංකාවෙන් යද්දි ඇති වුණේ දරාගන්න බැරි දුකක්.
සොනක්ෂි මීට පෙර කඳසුරිඳු සහ වල්ලි අම්මා ගැන අහලා තිබුණද?
නැහැ. හැබැයි චිත්‍රපටය කරද්දි දැනගත්තා වල්ලි මාතාව කියන්නේ මිනිස්සු වැඳුම්පිදුම් කරන විශාල ගෞරවයක් තියෙන චරිතයක්බව. මමත් ඒ චරිතය නිරූපණය කළේ බොහොම භක්තිවන්තවයි.
චිත්‍රපටය කරද්දි භාෂාවේ ගැටලූ මතු වුණේ නැද්ද?
භාෂාමය ගැටලුවක් එවි කියලා මුලදි බය හිතුණා. ඒත් ඇත්තෙන්ම මට භාෂාව ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. හැමෝම උදව් කළා. විශේෂයෙන් සුනිල් සර්, මහාචාර්ය උපුල් රංජිත් සර්, විමල් සර්, භාෂා ප්රශ්නය මගහරවාගන්න උදව් කළා.
සොනක්ෂිට දැන් ලංකාවට හිත ගිහින් කියනනේ ඇත්තද?
ලංකාවට මං හරි ආසයි. මිනිස්සු හරි මිත්රශීලියි. ආගන්තුක සත්කාර උපරිමයි. ලංකාවේ මං වැඩිපුරම ආස බීච් සයිඞ් එකට. ලංකාවේ කෑම වර්ගවලින් මම ආසම ශ්‍රී ලංකන් චිකන් කොත්තුවට. ඇත්තටම ලංකාවේ සිනමාවෙන් ආයෙත් අවස්ථාවක් ලැබුණොත් දායක වෙන්න ආසයි.
සොනක්ෂිටත් තියෙනවද කඳසුරිඳු වගේ පතා ආ ප්‍රේමයක්?
මටත් තිබුණා වසර 4ක ප්‍රේමයක්. ඒක හිමි නැති පේ‍්‍රමයක්. ඒ පේ‍්‍රමය මට අහිමි වුණා.
සටහන - නදීශා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන්