තමන් සිනමා රංගනයෙන් කලා ක්ෂේත්රය ආගමනය සිදු කළද සිය රංගන පරාසය විධිමත් කරගැනීමට ටෙලිනාට්‍ය ක්ෂේත්රයට අවතීර්ණ වූ බවත් කලා ජීවිතය සහ සැබෑ ජීවිතය කෙදිනකවත් පටලවා නොගත් බව සිංහබාහු චිත්‍රපටයෙන් සිනමාගමනය සිදු කළ ජනප්‍රිය නිළි අභිලාෂි සන්තුෂ්කි පවසන්නීය.
මේ දිනවල 'පාවී එන්න ආසයි' ටෙලි නාට්‍යයට රඟපෑමෙන් දායක වන්නී අභිලාෂි එහි ජනප්‍රිය නළු ධනුක ඩිල්ශාන් සමග රංගනයට එක් වන අතර 'අරුණ' පුවත්පත සමග කළ කතාබහකදී ඇය මේ බව පවසා තිබිණි.
"සිංහබාහු චිත්‍රපටයෙන් ලබපු අත්දැකීම්වලින් පස්සෙ මට ආසාවක් ඇති වුණා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් රංගන පරාසය තව පුළුල් කරගෙන චරිතාංග නිළියක් විදිහට ඉදිරියට යන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් පුංචි තිරයේ 'පාවී එන්න ආසයි' ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා." යනුවෙන් ඇය සංවාදයේදී පවසන්නීය.
"පුංචි කාලෙ ඉඳලා පාසල් වේදිකාවට සම්බන්ධ වෙලා රංගනය ප්‍රායෝගිකව හැදෑරුවා. පාසල් කාලයෙන් පස්සෙ කලා ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් වන සචිත්ර රාහුබද්ධ යටතේ රංගනය හැදෑරුවා. ඉතින් පුංචි කාලෙ ඉඳලා මගේ ඉලක්කය වුණේ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයේ පැවැත්ම හදාගෙන ඉදිරියට යන්න." යැයි පවසන ඇය "ෙමම සිංහබාහු චිත්‍රපටයෙ රඟපෑවෙ වයස අවුරුදු දාහතේදි. එතකොට අකිල අයියව මට හම්බ වෙන්නෙ ක්ෂේත්රයේ ඉන්න දැවැන්තයෙක් විදිහට. අපි දෙන්නා නිර්මාණය වෙනුවෙන් එකට වැඩ කළා මිසක කවදාවත් කලා ජීවිතය එක්ක සෑබෑ ජීවිතය පටලව ගත්තෙ නැහැ." යනුවෙන්ද ප්‍රකාශ කර තිබිණි.