පහුගිය කාලෙ මැදිරිගිරියේ තිබුණු සංගීතයකදී ඇති උන ගැටුම්කාරී තත්වය ඔබට මතක ඇති. මේ සිද්ධියත් එක්ක ගායන ශිල්පීන් විසින් සංගීත ප්‍රසංග වලදී අයකරන මුදල් ප්‍රමාණය ගැනත් විවිධ විස්තර පළ වෙලා තිබුණා.
පහතින් දැක්වෙන්නේ මේ වගේ සාකච්ඡාවක් යන කාලෙක සංගීතවේදී දිනේශ් සුබසිංහ සිය මුහුණු පොතේ දක්වලා තිබුණ සටහනක්.
(උපුටා ගැනීම)
"ප්‍රේමසිරි කේමදාස මාස්ටර් සහ මම අතර ඇතිවූන ලොකු ගැටුම් කාරි තත්වයක් මම විසදා ගත් අයුරු කිව්වොත් ඔයාල පුදුමයෙන් පුදුමයට පත් වේවි,
2005-2006 කාලේ වෙද්දී මම මෙහෙයවපු Dee R Cee මෙම්බර්ස් කණ්ඩායම ලංකාවේ ප්‍රසිද්ධ වෙද්දී, සංගීත කටයුතු අධික වෙද්දී, ජනප්‍රිය කම ටිකක් එද්දි තරමක් මට අපහසු වෙනවා බස් රථ වල කොලඹ යන්න,
ඒ කාලේ එතුමා දෛනිකව පටිගත කිරීමකට ගෙවන්නේ රුපියල් 4500 පමණ, එය ලංකාවේ වාදක සංගමයේ ඇස්තමේන්තු ගනන,
මම van රථයක කොලඹ යන්න, ගිහින් හවස එන්න ඒ කාලේ මට වියදම් වෙනවා රුපියල් 4500, හරියටම පටිගත කිරීමට ලැබෙන මුළු මුදල Transport වලට ගෙවලා මම ගෙදරින් බහිනවා,
දවස් කීපයක් මාස්ටර්ගෙ හිත රිද්දන්න බැරි නිසා කරලා මම මාස්ටර් ට කිව්වා ප්‍රශ්නෙ,
මම ඇහුවා මට දෙන මුදල වැඩි කරන්න පුළුවන් ද කියලා,
මාස්ටර් කියනවා අනේ දිනේෂ්, අමරසිරි පිරිස්, සමන්ත පෙරේරා වගේ අයට ගෙවන්නේ ඔය ගනන,
ඊට වඩා සත්‍යයක් වත් වැඩි කලොත් මට ඔක්කෝටම උත්තර දෙන්න වෙනවා, ඒක නිසා බැ කියලා කිව්වා,
මට ඒ වෙලාවේ හිතට අවුල් වුණත් ටික වෙලාවක් ගිහින් අපි තුල ඉන්න කලකිරීම් ගෙනෙන මිනිහා නැති වෙද්දී ප්‍රඥාව උත්තරයක් ගෙනාවා මගෙ මනසට,
මට මතක් වෙන්නේ කේමදාස මාස්ටර් ගෙන් මට අදුන ගන්න ලැබුණු යුග පුරුෂයින්,
විශේෂයෙන්ම අමරදේව මාස්ටර් වගේ අයට අපි මචන් ' වගේ වෙලා අපිට එතුමන්ලා විහිළු තහළු කරන ඇසුර ලැබෙන්න ගත් විඳිය ,
රටේ ඉන්න ඉහල පෙලේ මහා නිලධාරීන් බොහෝ අය හිතවත් වුණ විඳිය ,
මට බොහෝ උසස් අයගේ විශ්වාසයක් දිනා ගැනීමට හැකි වුන විඳිය,
ඔවුන් කාලයක් යද්දී කියන්න ගත්තා මම මාස්ටර් එක්ක ඉන්න හොඳම සංගීත වේදියකු කියලා,
මම හිතුවා මුදල් පාඩුවට වඩා අර වාසිය මට හොඳයි, මාස්ටර්ගෙ හිත රිදෙන්නේ ත් නැහැ,
මම දිගටම මාස්ටර් ට සහාය දෙනව කියලා,
කේමදාස මාස්ටර්ට එක කාලයක් එනවා මාව අත්‍යවශ්‍ය වෙන, එතුමා මාගෙන් අහනවා Call කරලා දිනේශ් ඔයා ඉන්න දවස කියන්න, මට Recording එක දා ගන්න කියලා,
එහෙම කාලෙකදි මම කවමදාවත් එතුමාට
Demand කලේ නැහැ,
මම හදවතින්ම උපරිම සහය දුන්නා,
මෙහෙම ඉද්දි මාස්ටර් අසනීප වෙලා, එතුමා මට project එකක් එව්වා,
ඒ සනත් ගුණතිලක මහත්තයාව - එකමත් එක රටක චිත්‍රපටයේ පසුබිම් සංගීතය සමහර කොටස් වාගයක් මට කියලා කර ගන්න කියලා එතුමා සනත් අයියට කියලා,
මේක කර ගන්න ඔහු ආවා මීගමුවට,
මම job එක කෙරුවා උපරිම,
එතැන ඉඳලා සිනමා කරුවන් අතර සහ මාධ්‍ය නිලධාරීන් අතර මම ගැන මහා වටිනා කමක් ගොඩ නැගෙන්න ගත්තා,
ඔය වෙද්දී මම කේමදාසයින්ගෙ පටිගත කිරීම 100 විතර ගිහින් මම සේරම සල්ලි කුලී රථ වලට ගෙවලා,රුපියල් ලක්ෂ 4 කට වැඩිය,
ඔහොම යද්දී දවසක් නිශ්පාදක වරයෙක් මට ගෙනාවා වැඩ 3 ක්, ඔහු කියනවා ඔයාව මට recommend කලේ අහවල් නාලිකාව, එයාල කෙලින්ම කිව්වා ඔයා ප්‍රේමසිරි කේමදාස මාස්ටර් එක්ක හිටියා කියලා,
කියන්න තියෙන්නෙ එහි මට ලැබුණු ශුද්ධ ලාභය ලක්ෂ 5 පමණ,
අර වාහන වලට ගිය මුළු මුදලම මාස්ටර් නිසාම ආපහු ලැබුණේ දවස් කීපයක් ඇතුලත project 3 කින්, මහා ගෞරවයක් සමග,
කියන්න තියෙන්නෙ දවසට ලැබෙන සල්ලි ගැන හිතුවොත් අවුරුදු ගාණක් සල්ලි ලැබෙන Brand flew එක නැති වෙනවා,
නැති වෙන්නේ මිලියන ගණනක්,
බුදු දහමේ එන රත්තරං කිකිළි ගෙ කතාව කියවන්න, මිනිස්සු දන්නේ flew එක හදන්න නෙමෙයි,කිකිළිව මරාගෙන කන්න,
ශාස්තෘ වරු වගේ උතුම් අය ආපු දවසට එයාලගෙන් මොනාහරි ගලවලා ගන්න එපා, ආශිර්වාදය සහ reccomandation එක නොහොත් නියත විවරණය ගන්න,
මම ගත්තෙ ඔහු මට දුන් තක්සේරුව විතරයි,
මට අමාරු වෙලාවේ තිබුනේ ප්‍රඥාව, මිස මෝඩ attitude, රැඟිලි නෙමෙයි,
කාටවත් පාඩම් උගන්නන්න පිස්සු නෙමෙයි ,
අදත් හෙටත් ප්‍රඥාවෙන් මම ගත්තු තීරණය නිසා මහා ලාභයක් මටත් ගොඩ දෙනෙක්ටත් එනවා,
සිල්ලර සල්ලි නෙමෙයි සමාජයක් බබලවන්න ඕන, business flew එක, ප්‍රඥාව,
මේවා බණ පොත් වල විතරක් තියෙන කතන්දර නෙමෙයි,
මම දන්න එක දෙයක් කියන්නම් අන්තිමට, මහා ලාභයක්, ගෞරවයක් ගන්න අවශ්‍ය එකම ගුණය තමයී 'කෘතගුණ' සලකන ගුණය, Gratitude,
මේ මුළු පෝස්ට් එකේම තියෙන එකම දේ එච්චරයි"
(උපුටා ගැනීම දිනේශ් සුබසිංහගේ මුහුණු පොත ඇසුරිනි)