lan englan tam

"ස්තූතියි මාව ඒ දිව්‍යා විදියට ඔයාගෙ සිනමා ඇහින් දැක්කට" 'පරාග' චිත්‍රපටය ගැන රශිප්‍රභා කිවුවේ මෙහෙමයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යෂ් වීරසිංහ - රශිප්‍රභා සංදීපනීගේ රංගනයෙන් හැඩවන "පරාග" චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා සාර්ථකව අවසන් වෙලා තියනවා.

එහි පසු නිෂ්පාදන කටයුතුත් මේ වෙන කොට ආරම්භ වෙලා තියනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

පරාග චිත්‍රපටය අධ්‍යක්ෂක වරයා වෙන්නේ මීට පෙර හේලි, වෙස්, දාම් වැනි ජනකාන්ත ටෙලි නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කරපු ධනුෂ්ක රත්නායක යි.

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වෙන්නේ ආචාර්ය ලක්ශිත ප්‍රසාද්..

ඉතින්, පසුගියදා රූගත කිරීම් අවසන් වෙච්ච මේ චිත්‍රපටයට රංගනයෙන් දායක උන ජනප්‍රිය රංගන ශිල්පිනී රශිප්‍රභා සංදීපනී සිය මුහුණු පොතේ මේ ගැන සටහනක් එක් කරලා තිබුණා.මේ ඒ සටහන:

(උපුටා ගැනීම)

“එහෙනම් " පරාග"රූගත කරලා අවසන් උනා..!

බොහෝම අපූරු මතක ගොඩක් එක්ක ලස්සන නිර්මාණයක් ඔබ වෙත තිළිණ කරන බලාපොරොත්තුවෙන් අපි බලන් ඉන්නවා ඉක්මනට පරාග සිනමා තිරයේ දකින්න.

දනුශ්ක අයියේ ඔයාගේ මේ ලස්සන හීනේ ඔයාගෙ පළමු සිනමා නිර්මාණයට මා කෙරෙහි තැබු විශ්වාසයට ගොඩක් ස්තූතියි! ඔයාගේ හිතේ මැවුන "දිව්‍යා"ට සාදාරණයක් මගෙන් ඉශ්ඨ උනා කියලා මං විශ්වාස කරනවා..!

ස්තූතියි මාව ඒ දිව්‍යා විදියට ඔයාගෙ සිනමා ඇහින් දැක්කට.

ඒ දිව්‍යා මගේ මේ සිනමා ගමනේ අමතක නොවන ලක්ෂ්‍යයක් වේවි කියා මං විශ්වාස කරනවා!

සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතියි !

එහෙනම් නුදුරේම ඔබට ළගම සිනමා ශාලාවෙන් "පරාග" බලමු නේද ?”

 

( රශිප්‍රභා සංදීපනීගේ මුහුණු පොත ඇසුරිනි)

Back to top
Go to bottom