කොරෝනා නිසා කඩා නොවැටුන කෙනෙක් නැති තරම්. විශේෂයෙන් මුදල් වැය කරලා ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන් හිටපු හුගක් අයට විඳගන්න සිද්ධවුනේ පාඩුවක්. චිත්‍රපට නිෂ්පාදකයන්ට මුහුන දෙන්න වෙලා තිබෙන පාඩුව සුළුපටු නැහැ. හැම විටම නිෂ්පාදකවරයට සිද්ධවෙන්නේ ප්‍රදර්ශකයන් එක්ක හෝල්වල ඉන්න අමුතුමාදිලියේ මිනිස්සු එක්ක වාද කරගන්න බැගෑපත් වෙන්න වාගේ දේවල්.
වැඩියෙන් ලාභ ලබන්නෙත් ප්‍රදර්ශණ මණ්ඩල වල අයිතිකාරයින්ම තමා. ඒත් චිත්‍රපටයක් ප්‍රදර්ශණය කරගන්න හෝල් වලට දාගත්තහම හෝල් එකේ එක්කෙනාගෙ මතය අනුව චිත්‍රපටය දුවාගන්න වෙන්නේ. හෝල් කාරයෝ නිසා චිත්‍රපට එපා වෙන අවස්ථාත් නැතුවාම නෙමේ.
චිත්‍රපට සංස්ථාව වගේම චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක සංගම් පවා මේ අවස්ථාවේ තමන්ගේ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න න්‍යායක් තියෙනවා වගේ පේනවා. මේ වෙනකොට උපදේශකවරු න්යයාචාර්යවරු සංස්ථා නිළධාරීන් සාකච්චජා සම්මන්ත්රණ සුහද හමු පවත්වනා වුවත් මේ වනතුරු සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය හෝ පවත්වාගෙන යාම වෙනුවෙන් කිසිවක් කිරීමට සැළසුමක් හදලා නැහැ.
කොරෝනා කියන්නේ ගෝලීය උවදුරක්. එහෙමයි කියලා නිකටෙ අතගහගෙන චිත්‍රපට කර්මාන්තයෙ ගාඩ දාන්න කළින් කොච්චර දේවල් තියෙනවද රටේ කරන්න කියන අදහස තමයි නිළධාරී පැලැන්තියේ සහ ඊට වගකිවයුත්තන්ගේ අදහස. හැබැයි විෂයභාර අමාත්‍යවරයා චිත්‍රපට නිෂ්පාදනය කළහම ඒ චිත්‍රපටයට තියෙන සැළකිල්ල උවමනාව සහ ප්රමුඛතාවයන් අනිත් චිත්‍රපටවලට ලැබෙන්නෙ නැහැ.අනිත් අයට කුඩම්මගෙ සැළකිලි.
කොරෝනා නිසා රටටම ඇඳිරි නීතිය වැටෙද්දි ඇවිිලෙන සුලුයි තාවකාලිකව අත්හිටවන්න වුනා. ඔිනෙම කෙනෙක් දන්නවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා පබ්ලිසිටි කරන්න වියදම් කරලා චිත්‍රපටයක් ප්‍රදර්ශණය ආරම්භ කරන්නේ සුවහසක් බලාපොරොත්තු ඇතුව සහ පේ්රක්ෂකයන් ගේ ප්‍රථිචාර බලාගෙන. නමුත් චින්තන සහ පිරිසට මුහුන දෙන්න සිදුවුන අභියෝගය සුළුපටු නැහැ. කොරෝනා වළින් රට නැවත යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන මොහොතක ඇවිලෙන සුලුයි නැවත තිරගත් කරන්න පටන් ගත්තහම හෝල් කාරයෝ ඒ අයට ඔ්නෙ විදිහට සිනමාවේ පැවැත්ම හසුරවන්න දගලනවා.
මේක විටෙක මාෆියාවක් තත්ත්වයටම ගොඩ නැගිලා. තරුණ සිනමාකරුවෙකුගෙ නිර්මාණයක් ඒ අයට චිත්‍රපටයක් නොවන ගානයි. සමහර විටෙක හෝල්වලට උනන්දුව ඇති වෙන්නේ ලිංගිකත්වය ප්‍රදර්ශණය කරන්න ඉඩ ලැබීම තුළින්. ඇවිලෙන සුලුයි වැඩිහිටියන්ට පමණයි වර්ගීකරණය කර තිබුනත් හෝල් එකේ අයට ෆිල්ම් එක දුවවගන්න ඒක විතරක් මදි වගේ නිසා වෙන්න ඇති සමහර අය ෆිල්ම් එක පෙන්වන්න අදි මදි කරන්නේ කාර්මික දෝෂ කියලා මිනිස්සුන්ට බලන්න උවමනාව තිබුනත් ෆිල්ම් එක බලන්න වෙන්නෙ නැත්තෙ.
මේවා ගැන හොයන්න වග කියන්න කව්ද ඉන්නෙ?නිෂ්පාදකයෝ චිත්‍රපටි කරන්නේ මොන අමාරුවටද?සිනමාව පිළිබඳ තිබෙන ආශාවේ උණට, ආදරේට. ලංකාවේ නිෂ්පාදකවරු ව්‍යාපාරයක් විදිහට චිත්‍රපට නිෂ්පාදනය කරනවා කියලා කව්රුහරි අහලා තියෙනවද?එහෙම කව්රුහරි නිෂ්පාදනය කරනවනම් ඒක මාරයි කියලා තමයි කියන්න වෙන්නෙත්. හැමෝම බලන්නේ කෑම කඩයක් දාලා ලාබ පමණක් හොයන්නනේ කෑම මොලෝ රහක් නැතිවුනත්. සිනමාව එහෙම නෙමේ. එය කලාවක් සාමුහික ගොඩ නැගීමක්. රසයක් වින්දනයක් ඇති දෙයක්. මිනිසුන්ගේ ජීවිත වලට අත්‍යාවශ්‍ය දෙයක්.
ලංකාවේ මේ වෙනකොට හදපු චිත්‍රපට පෙන්නගන්න විඳින දුක සංස්ථාවේ සභාපතිලට සහ උපදේශකවරුන්ට තේරුනත් තේරුනේ නැහැ වගේ ඉන්නවා. සමහර නිෂ්පාදකයන්ගේ මුදල් වුනාට අධ්යක්ෂවරු තමා ප්‍රභල චරිත සිනමා කර්මාන්තය ඇතුලෙ.ජනප්‍රිය ඒ අය. ඒ අයට තමා තැනකට ගියාම වරප්‍රසාද ටික හම්බවෙන්නේ. ටෙලිවිෂන් කතා ටික, පත්තර සම්මුඛ සාකච්ජා අරවා මේවා සේරම. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඒ අධ්යක්ෂවරු ටික දෙනෙත් මේ ප්රශ්නවලදී තමන්ට ප්‍රශ්නයක් නැතිනම් පැත්තකට වෙලා තමන්ගෙ වාරේ එනකම් ඉන්නවා. මැදිහත් වෙන්නේ නැහැ. මැදිිහත් වෙලා වැඩක් නැහැ කියලත් හිතන අය ඉන්නවා. සිස්ටම් එක ඇතුළෙ.කොහොමවුනත් සිනමාකරුවො එකෙකුට එකෙක් නැහැ කියලා තමයි කියන්නේ. සංගම් පිහිටව ගන්නවා තනතුරු ගන්නවා. පිරිසක් වැඩ කරනවා පිරිසක් නැහැ. අන්තිමට සංගමෙත් නැහැ වැඩක් වෙන්නෙත් නැහැ. දේශපාලන පක්ෂවලයි මේ සංගම් අතරයි වෙනසකුත් නැහැ.
ප්රවීණයොයි, නිළදාරිනුයි, පාට පාට සිනමාව තමන්ගෙ දේපලක් කියලා විතරක් හිතන ඇමතිලයි, හිටපු ඇමතිලයි සේරමලා සිනමාව කර්මානත්යක් විදිහට දියුුණු කරලා සහන දීලා තරුණ සිනමා නිර්මාණ කරුවන් දිරිමත් කරලා අනාගත සිනමා කරුවන් බිහි කරන්න කරපු කිසිම දෙයක් නැහැ . කරන්නෙත් නැහැ.
එතකොට මොකද වෙන්නේ පස්ස පැත්තේ අමාරුව තියෙන සිනමාව පිළිබඳ උණක් තියෙන කෙල්ලන්ට කොල්ලන්ට පුළුවන් තමන්ගෙ සිනමා සිහිනය දියාරුවෙන්න නොදී කෙටි චිත්‍රපටයක් හදලා හරි, අමාරුවෙන් කව්රුහරි නිෂ්පාදකයෙක් හොයාගෙන චිත්‍රපටයක් කරලා පෝලිම්වල ඉඳලා පෙන්න ගන්න. එහෙම නැතිනම් ලංකාවෙන් එළියට තමන් කරන චිත්‍රපටය අරන් ගිහින් සම්මාන අරන් ලංකාවේ නිදිමත ඇස් අරවන්න. නිදි මත ඇස් නෙමේ නිදාගෙනම ඉඳලා අකර්මන්‍ය වෙච්ච මොලගෙඩි හොලවලා කියන්න අපිට අවස්ථාවක් දියව් කියලා.
ලංකාවේ විශ්වවිද්‍යාලවල සිනමාව උගන්වනවා පෞද්ගලික ඇකඩමිත් තියෙනවා. මේවගෙන් සිනමාව හදාරණ අයගේ අනාගතය මොකද වෙන්නෙ?ලංකාවේ කලාවට කියන්නේ තවමත් දුප්පතුන් බිහිකරන ක්ෂෙත්රයක් කියලා හංවඩු ගැහිලා. එක පැත්තකින් ඒක ඇත්ත.ඒත් තවත් පැත්තකින් විවධ කලාක්ෂෙත්රයන් හි නියතුවූවන් ඒ තමන් නියෝජනය කරන ක්ෂෙත්ර අමු අමුවේ වේසකමේ යොදවනවා. එහෙම අය එදත් හිටියා.වර්තමාන තරුණ පරම්පරාවෙත් ඉන්නවා. ලංකාවේ ස්වාධීන නිර්මාණශීලි කර්මාන්ත කරුවන්ට කිසිඳු රජයකින් සහයෝගයක් දෙන්න පෙළඹෙන්නේ නහැ. කොමිස් ගහන්න පුළවන් දේවල් වලටනම් එක පයින් කැමතිවෙයි.
කලාව කියන්නේ මිනිසුන්ගේ විඥානය අවුළුවන, ආනන්දය උපදවන, රසවින්දනය ඇති කරන, රසාස්වාදය සපයන්නක්. සිනමාව යනු එහි අග්‍රඵලයක්. දියුණු බුද්ධිමත් මිනිසුන් සිටින රටවල සිනමාව කියන්නේ ආගමක් , ප්‍රභල ඇබ්බැහියක්.
ලංකාවේ සිනමා පේ්රක්ෂකයන්ට ඉස්සරවගේ එවැනි ඇබ්බැහියක් නැත්තෙ චිත්‍රපටවල ට ආදරයක් නැතිව ගිහින් නිසාද? ආර්ථික ප්‍රශ්න නිසාද? ටෙලිවිෂන් නිසාද? නව තාක්ෂණික ඩිවයිසස් නිසාද? රහක් නැති නිසාද? නැතිනම් පේ්රක්ෂකයන්ට අවශ්‍ය චිත්‍රපටි නිර්මාණය නොවන නිසාද?මේ සියල්ල නිසා ද?
ලංකාවේ කලාව පිළිබඳ නැවත කියැවීමක් ලියැවීමක් සාකච්ජාවක් සම්මන්ත්‍රණයක් තැබිය යුතු කාලය අබිමුව අපි යළිත් සිටී. ඊට පෙර බොහෝ අවස්ථාවන් මගහැර පැමිණි ක්ෂෙත්රයේ බොහෝ දෙනා දේශපාලන පක්ෂවල පන්දම් කාරයින්, එහෙයියන් වීම නිසා අවස්ථා බොහොමයක් දශක කිහිපයක සිටම අතපසු කරමින් ඛේදවාචකයේ ගැට්ටටම පැමිණ තිබේ.
එය තව තවත් උත්සන්න කරවන්නට කොරෝනා වසංගතයට හැකිව තිබේ.
මේ මොහොතවන විටත් දේශපාලන පක්ෂවල අතකොලුු බවට පත්ව සිටින බොහෝ දෙනා තමන්ගේ පක්ෂය රජ කරන කාලයේ කලාවට බලපා ඇති නොසලකා හැරීම්, කුඩම්මාගේ සැළකිලි පිළිබඳ විවෘතව කතාකරන්නට ගැටළු වලට පිළිතුරු සොයන්නට ඉදිරිපත් නොවෙයි.
විවිධ රජයන්, ජනාධිපතිවරු, අගමැතිවරු යටතේ චිත්‍රපට සහ සකල කලාවටම පඋදේශකවරු රොදබැඳන් සිටියද ඒ කිසිවෙකු කිසිඳු කලාවකට සේවයක් නොකල බව පමණක් සත්‍යය.
කලාකරුවන් ට වරදාන, වරප්‍රසාද, තනතුරු දෙමින් තාවකාලිත ව චූන් වන්නට හැරියා මිසක ස්ථාවර දිගුකාලීන ක්‍රමවේදයක් සකස්කරන්නට කිසිවකුට නොහැකිව ඇත. ජන්දයක් එනවිට කලාකරුවන් පාට පාටින් පිල්බෙදී එක එක දේශපාලන හිපාටුවන්ගේ ගුණ වයමින් පුම්බමින් තමා නියෝජනය කරන වෘත්තිය පමණක් නොව වාත්තිකයින් පවා පාවාදෙමින් කටයුතු කරන ආකාරය දකින්නට හැකිය.
කලාකරුවන් නියෝජනය කළ යුත්තේ ජනතාව විනා දේශපාලකයන්, දූෂකයන්, හොරුන්, මංකොල්ලකාරයින්, කුඩුකාරයන්, ස්ත්‍රී ළමා අපචාරකයින් නොවේ.
නමුත් හැමවිටම සිදුවන්නේ එයමය. ඊයේත් අදත් හෙටත් සිදුවන්නේ එකම දේය.එසේ නොකරන පිරිස් පසෙකට වී තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන සිටිනවා පමණි. ඔවුන්ට ක්‍රමවේද අනාගත සැළසුම් කිසිවක් පිළිබඳ උවමනාවක් නැත.
කොකාට වාරයක් ආවාට තිත්තයින්ට කවදාවත් වාරයක් එන්නේ නැති බව බකතපස්ලාට තේරෙන්නේ නැතුවා නොවේ.
රටක පෙර ගමන් කරුවන් යැයි සැළකෙන්නේ කලාකරුවන් ජනමාධ්‍යවේදීන් ඇතුලු පිරිස්ය. මේ බව නරිනුවණින් දන්නා දේශපාලකයන් තමන්ව ගොඩදාගැනීම පිණිස මේ පෙරගමන් කරුවන් තම තම දේශපාලන මඩ ගොහොරුවල ගිල්වා ගෙන ඇති නිසා මේ රටේ එවන් පෙරගමන් කරුවන් කිසිවකු පේනමානයක නැත.
ප්රගතිශීලි කලාකරුවෝ නැත.ජනතාවාදී ,මානව හිතවාදී කලාකරුවෝ නැත. ජනතාව අවදිකරන්නට අවුලුවන්නට කලාකරුවෝ නැත.
හෙට දවසේ කලාවට සිදුවන්නේ කුමක්ද? තරුණ නිර්මාණ කරුවන්ගේ අනාගතයට සිදුවන්නේ කුමක්ද? හඳට යනවද? රොකට් අරිනවද? කෝච්චියෙන් ගමනක් යනවද? යූටියුබ් වලට සෙක්ස් වීඩියෝ කරනවද? සිව්රු පොරවගෙන බණක් වගේ එකක් කියනවද?පපුවට ගහගන්නවද?
ඉතින් අපි මොකද කරන්නේ?
මනෝහාරී හේවාවසම්