පවන් අංජන රාජ්‍ය සාහිත්‍ය සම්මාන් උළෙලේ හොඳම කවර නිර්මාණයට සම්මාන ලැබුවත් ඔහු ගැන ඉන් අනතුරුව ආ විවේචන සහ දෝෂාරෝපණ ගැන සඳහන් කරමින් අවධාරණයක් කර ඇත.
මුල්ම කාරණේ,
මේ පොත් කවරයට ලැබුණ සම්මානය නිසා හදිස්සියෙ කලබල වෙලා කවරවල සුජාතභාවය හොයන කීපදෙනාට උත්තර නෙවෙයි මම මේ ලියන්නෙ. ක්ෂ්‍රේතය ගැන නොදන්න, මේ මොහොතෙ මගෙන් මොකක්ද මේ වෙන්නෙ අහන අය වෙනුවෙනුයි.
මම ඇතුළුව සීයට අනූවක්ම ලංකාවෙ පොත් ප්‍රකාශන ක්ෂ්ත්‍රයෙ කවර සැලසුම් කරන අය කරන්නෙ කවරය සැලසුම් කරන එක. 'සැලසුම් කිරීම'. ඒ කියන්නෙ පොතේ අන්තර්ගතයට සුදුසු විදියට යම් ඡායාරූපයක්, චිත්‍රයක් හෝ කීපයක් එක්කාසු කරල හැඩය, අවකාශය, වර්ණ සහ අක්ෂර ගැලපීම වගේ දේවල් එක්ක මුද්‍රණයට සූදානම් කිරීම. මීට අමතරව කවරට අදාළ සමස්ත රූපසටහන් අතින් හෝ පරිගණකයෙන් ඇඳල ගන්න අයත් ඉතාම සුළු පිරිසක් ඉන්නවා. නමුත් අතින් ඇඳීම හැම පොතකටම ගැලපෙන්නෙ නෑ වගේම ලංකාවෙ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ කාර්යබහුල අයට එහෙම දිගටම අතින් අදින එක කරන්න අමාරුයි. ඒ ගැන වෙනම අවශ්‍ය නම් වෙනම ලියන්න පුළුවන්.
මේකෙදි කවරයට අදාළ රූපසටහන් බොහෝ වෙලාවට අරගන්නෙ අන්තර්ජාලයෙන්. එහෙම ගද්දි ඇතැම් වෙලාවට මම පෞද්ගලිකව ගෙවීමක් කරල ගන්න අවස්ථාත්, ගෙවීමකින් තොරව අරගෙන අදාළ මුල් හිමිකරුගෙ නම සඳහන් කරන අවස්ථාත්, එහෙම මුල් හිමිකරුගෙ නමක් හොයාගන්න නැති වෙලාවට 'අයිතිය නොදනී' විදියට තියන අවස්ථාත්, තියෙනවා. ඒ මම කරන විදිය. අනිත් අය කරන විදිහවල් ගැන මම දන්නෙ නෑ. හැබැයි මට චෝදනා කරන්න පිරිසක් අරන් තිබ්බ රූපවලට අදාළ කවරවල මං ඒව සදහන් කරල තියෙනව කියල එයාල දැකල නැතිව ඇති.
මෙහෙම අන්තර්ජාලයෙන් ගන්න ඉමේජස් පාවිච්චි කරනව කියන එක, මම පෞද්ගලිකව ලේඛකයන්ගෙන් හෝ ප්‍රකාශකයන්ගෙන් හංගපු දෙයක්වත් ඒක බැලූ බැල්මට කාටවත් නොතේරෙන දෙයක්වත් නෙවේ. අනික ගූගල් එකෙන් ඉමේජ් සෝස් හොයන්න පුළුවන් කියන එක අපි නොදන්න දේකුත් නෙවේ.. මේ කාරණා ඇත්තටම පැහැදිලි කළ යුතු දේවල්වත් නොවෙන්නෙ මේව ප්‍රකාශන ක්ෂ්‍රේත්‍රයෙ වැඩ කරන අය හොඳින්ම දන්න දේවල් නිසා. දන්න රහස් නෙවේ. වැඩ වෙන විදියයි මේක. ලෝකෙ කොහෙත් එහෙමයි. මොකද කවර සැලසුම්කරුවන්ට හිතෙන හිතෙන රූප මවන්න පුළුවන් විදියෙ මැජික් බලයක් නෑනෙ.
ඊළඟ කාරණය,
මට චෝදනා කරල තිබ්බ සමහරු කියන විදියට මම කරන තවත් එක වැරැද්දක් තමයි, මොකක් හරි අන්තර්ජාලයෙන් ගන්න රූපයක් එහෙමම යොදල ඒකට අකුරු විතරක් එකතු කරල තියෙනව කියන එක. ඒකට එයාලගෙ යෝජනාව තමයි මම ඒකට ඊට වඩා තව මොනවහරි එකතු කළ යුතුයි, නැත්නම් රූප දෙකක් එකතු කරල මොකක් හරි වෙන දෙයක් හැදිය යුතුයි කියන එක.
මට තියෙන ප්‍රශ්නය, ලේඛකයාවත් ප්‍රකාශකයාවත් නොවන, අඩුම තරමින් අදාළ පොත කියවලාවත් නැති කෙනෙක් කොහොමද කවර සැලසුමක් එහෙමම විය යුතුයි කියන්නෙ. කවරයට ගන්න රූපය සංස්කරණය කරනවද ඒකට වෙනත් රූපයක් එකතු කරනවද, නැත්නම් ඒක එහෙම තියල අකුරු විතරක් එකතු කරනවද කියන එක තීරණය වෙන්නෙ අදාළ පොතේ අන්තර්ගතය සහ කවරය සැලසුම් කරන කෙනා මත. මම කරපු හැම පොතකම කවරවල පසුබිම් රූප කිසිම සංස්කරණයක් නොකර එහෙම තියල නෑ.. අවශ්‍ය පොත්වලදි ඒක එහෙම කරල තියෙනවා. ඒක බලන කෙනාගෙ වින්දන පරාසය අනුව හොඳද නැද්ද තීරනය වෙනව මිසක් ඒක හොරකමක්, වැරැද්දක් වෙන්නෙ කොහොමද, මම අදාළ මුල් අයිතීන්ට නිසි ගරුත්වය දීල තියෙනව නම්? එතකොට සිසිර විජේතුංග, ප්‍රසාද් සමරසේකර, දිනිඳු සිරිවර්ධන වගේ අයත් හොරුද?
අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කවරය හැදුන හැටි.
අතිශය අභ්‍යන්තර පරීක්ෂණය පොතට මම හදපු කවරය ඇත්තෙන්ම මම කරපු වැඩවලින් මම වඩාත් ආසාවෙන් කරපු කවරයක්. මේක අර පිරිස උපුටා දක්වන ඉතාලි කවරයෙන් මම සම්පූර්ණයෙන් කොපි කළායි කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම ප්‍රතික්ෂේප කරන්නෙ සම්මානය නිසා නෙවෙයි. ඒ කවරයට මම මහන්සි වුණ නිසා සහ මම ඒක ඇතුලෙ අර්ථයක් ගොඩනගන්න උත්සහ කරපු නිසා. සම්මානය මෙතනට අදාළ නොවෙන්නෙ ඒක මම තරඟයට අයදුම් කරල දිනාගත්ත එකක්වත්, මම බලාපොරොත්තු වුණ එකක්වත් නොවන නිසා. ඒ ගැන වෙනම කතා කරමු.
මේ කවරය ගැන කතා කරන අය මේ පොත කියවල නැති බව නම් මට විශ්වාසයි. නමුත් කවරයෙ මම ගොඩනගන්න හදපු සංකල්ප ටික පැහැදිලිව තේරෙන්නෙ පොත කියවල අවසන් කළාම කියන එකයි මගෙ නම් අදහස. කවරය වෙනත් පොතකින් සම්පුර්ණයෙන් කොපි කළා කියනකොට මට එන එක ප්‍රශ්නයක් තමයි එහෙම වෙනත් සන්දර්භයක වෙනත් අර්ථ තියෙන කවරයකින් මේ පොතේ හැගීම මේක කියවපු අයට දැනිල තිබුනෙ කොහොමද කියන එක. විදේශ භාෂාවක, මේකට කිසිම සම්බන්ධයක් නැති කතාවක කවරයක් මේ පොතට ගැළපෙන්නෙ කොහොමද?
මේ පොතේ තියෙන්නෙ සිංහලයට පරිවර්තනය වුණ දමිළ කෙටිකතා එකතුවක්. පොතේ කතා සේරම මට දැනුණු කතා. දැන් අපි කවර කරන ගොඩක් පොත්, කවරය සැලසුම් කරන්න කලින් සම්පුර්ණයෙන් කියවන්නෙ නැතිම තරම්. ඒත් මේ පොත මම කියෙව්වා. මොකද මේකෙ පිටුසැලසුම කළෙත් මම නිසා. ඉතින් මට මුලින් ඕනෙ කළේ පොතේ සමස්ත හැඟීම දැනෙන රූපයක් කවරෙට ගේන්න. පහළ තියෙන පළවෙනි රූපය මන් ඒකට ගැළපෙයි කියල හිතුවා. ඊළඟට අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කියන කෙටිකතාව මුල් කරගෙන තව එකක් කරන්න හිතාගෙන ඔය පහළ තියෙන මිනිස් රූපයක් සහිත කටුසටහන ඇන්දා. කෙටිකතාවෙ තියෙන්නෙ අවුරුදු ගාණක් ළිදක් ඇතුළෙ ජීවත් වුණන මනුස්සයෙක් මුල් කරගත් අධියථාර්ථවාදී කතාවක්. ඉතින් ළිඳ ඇතුළෙ මනුස්සයෙක් වැතිරිල ඉන්න රූපයක් සංකේතාත්මකව වෙනස් විදියකට පෙන්නනයි මට ඕනෙ කළේ. ඒකට මුලින් ඇඳපු රූපය තමයි ඒක. ඒත් ඒකටත් වඩා වෙනස් විදියකින් ඒක පෙන්නන පුළුවන් අදහසක් මම හෙව්වා. මම අදහස් සහ රූපසටහන් හොයන්න පාවිච්චි කරන පින්ටරෙස්ට් වෙබ් අඩවියෙන් තමයි මම හෙව්වෙ. ඒකෙ අපි දන්නව එක රූපයකින් ඊට සමාන රූප, චිත්‍ර සටහන් ගොඩක් හොයාගන්න පුළුවන්. මට අවශ්‍ය අදහස එක්ක එක ළඟ මට හම්බුන රූප පෙලක් තමා පහල ඊළඟ රූපෙ තියෙන්නෙ.. එතන ඇත්තටම ඔය ඉතාලි කවරය කියන රූපයත් තියෙනව. ඒක කවරයකට වඩා පෝස්ටර් එක්කටයි සමාන. ඒ අනිත් කවර සහ පෝස්ටර් සියල්ලත් එකකට එකක් බොහෝ දුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නෙ. ඔබ හොඳින් බැලුවොත් පේනව අර පිරිස උපුටා දක්වපු කවරයට සහ මේ මම සැලසුම් කළ කවරයට හැඩයෙන් ඉතාම සමාන තව රූප දෙකක් මෙතන තියෙනවා. මට චෝදනා කරන අය කියන්නෙ මම කවරයක් කවරයකට කොපි කරල ඇති බවනෙ. එතකොට මේ හැඩය මම අනිත් රූප දෙකෙන් උපුටාගත්තා නොවෙන්නෙ කොහොමද?
කොහොමහරි මම මේ හැඩය කවරයට ගන්න හිතුවෙ ඒකෙ ඇතුළෙන් මට අර ළිඳක නැත්නම් වළක ගැඹුර පේන හැඩයක් සහ යම් කම්පනයක ස්වරූපයක් දැනන හැඩයක් නිසා. ඇතුළට රතුපාට දැම්මෙ කතාව පාදක වෙන යුද්ධය සහ ලේ සංකේතවත් කරන්න. ඊළඟට ඒ රතු රවුම ඇතුළට මිනිස් රූපයක් ඇන්දෙ කතාවෙ චරිතය එතනට ගේන්න. ඒ රූපයත් මුළින් ආකාර දෙකකට ඇඳපුව පහළ පින්තූරෙක තියෙනවා.
කවරයෙ අකුරුවලට පාවිච්චි කළේ පුෂ්පානන්ද ඒකනායක, දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන නිර්මාණය කරපු ෆොන්ට්ස්. මම ඒ ෆොන්ට් නිර්මාණකරුවන්ගෙ නම් පවා මේ පොත ඇතුළෙ සඳහන් කරල තියෙනවා. ඒක ලංකාවෙ පොත්වලදි කෙරෙන්නෙම නැති දෙයක්. හැබැයි මම මේ හොරකම් කරා කියන පොත ඇතුළෙ ඒ ගරු කිරීමත් කරල තියෙනවා.
කවරෙ හැදුනෙ ඔහොමයි. ඒ මොනව වුණත් මේක හොරකමක් කියල ඔබ විශ්වාස කරනව නම් ඒක ඔබේ වැඩක්. මම ගොඩක් දුරට කවර කරද්දි ආභාෂය ලබපු කෙනා දිනිදු සිරිවර්ධන. එයා මේ වගේ වෙනත් සන්දර්භයක රූප සංකේත අරගෙන ඒව වෙනස්ම අර්ථවලට ගොනු කරල තියෙන බව මම අධ්‍යයනය කරල තියෙනවා. ඉතින් ලංකාවෙ වැඩවලදි ඒ පූර්වාදර්ශ එක්ක තමා මන් වැඩ කළේ. උපුටා ගන්න දේවල්වලදි මුල් අයිතියට ගරු කරනව නම් එතන හොරකමක් වංචාවක් වෙනව කියල දෙයක් මගේ සදාචාර සීමාවන්ට අනුව දැනුණෙනෙ නෑ.
අනික මම කිසි වෙලාවක කිසි දෙයක් හංගලත් නෑ.. මම ඉන්ටනෙට් එකෙන් ගන්න රූප එක්ක වැඩ කරන බව ප්‍රකාශකයො දන්නවා. මේ අදාල පොතේ රවුම් සහිත රූප පෙළ පවා මගේ ඹෙහන්cඑ ගිණුමෙ මේ ව්‍යාපෘතියට අදාළව දාල තියෙනවා. ඒ වගේම වැරැද්දක් වුණා නම් පිළිගන්න බය වෙන්නෙත් නෑ. මට පුළුවන් හැමවෙලාවකම මම ගන්න හැම රූපයක් වෙනුවෙන්ම නාමිකව හෝ මට පුළුවන් ගරුත්වය මම දීල තියෙනවා. බොහෝ වෙලාවල්වලදි මුදල්වලින් වටිනාකම ගෙවල නැහැයි කියන එක මම පිළිගන්නව. මොකද මේ රටේ වැඩ වෙන පිළිවෙල ඒකයි. කවර සැලසුම් කරල උපයන මුදලින් ජීවත් වෙන කෙනෙක් විදියට මම ක්ෂේත්‍රයේ වැඩ කරන විදියට අනුගත වෙලා වැඩ කරගෙන යනවා.
සම්මාන කතාව
සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕනම මනුස්සයෙකුට මොකක්ද මේ වෙන්නෙ කියල තේරෙන මඩ ප්‍රහාර රැල්ල පටන් ගත්තෙ මට හොඳම පිටකවරයට රාජ්‍ය සම්මානය හම්බ වුණ නිසානෙ. දැන් අර කවරය කොපියක් කියල ඒක ආයෙ බාර දෙන්න කියලත් ෆේක් එකවුන්ට්වලින් විවිධ දේවල් කියනවනෙ.
ඇත්තටම මේ සම්මානය මට දෙන්න හේතු වුණ්න නිර්ණායක මොනවද කියලවත්, මේ කවරය ඊට සුදුසුයි කියල තේරුවෙ කවුද කියලවත් මම දන්නෙ නෑ. කොටින්ම මම සම්මානයට නිර්දේශ වෙලා කියල කෝල් එක එනකන්ම මම එහෙම දෙයක් වෙන බවක් දන්නෙත් නෑ. මොකද රාජ්‍ය සාහිත්‍යය උළෙලට අයදුම් කිරීමකින් තොරවයි සලකා බැලෙන්නෙ. හැබැයි මේ සම්මානෙ මම බාරගත්තෙ මම දන්න කවර කලාව ඇතුළෙ මම අවංකව මගෙ වැඩේ කළා කියල මම හිතුව නිසා. මම කිසි දෙයක් හංගලත් නෑ. බොරු කරලත් නෑ. පොතක කතාවට, හැඟීමට අදාලව මගේ කවර සැලසුම කරන එකයි මම කළේ. ක්ෂේත්‍රයේ වැඩ වෙන විදිය මම දන්නවා. මම ඒ අනුව වැඩ කරනවා. ඒ වැඩවලට දෙන සම්මානයකට මාව නිර්දේශ වෙලා තියෙනව කියල දැනගත්තම මම ගියා. සම්මානය ලැබුණා. මම භාරගත්තා.
කොහොම වුණත් දැන් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන කතන්දර එක්ක මේ ගැන ලොකු සංවාදයක් ඇති වෙලා තියෙන මොහොතෙ, විනිශ්චය මණ්ඩලය බලපු නිර්ණායකවලට අනුව මේ කවරයට මේ සම්මානය සුදුසු නෑ කියල විනිශ්චය මණ්ඩලය ආයෙමත් තීරණය කරනව නම් සම්මානය ආයෙ භාර දෙන්න මට පුළුවන්.. මොකද මේක මම අයදුම් කරපු හෝ කවදාවත් බලාපොරොත්තු වුන හෝ සම්මානයක් නෙවෙයි. මේ කවරය හැදුවෙත් ඒ පොත වෙනුවෙන් මිස ඔය සම්මානවලට නෙවේ. මගේ පැහැදිලි කිරීම ඔච්චරයි.
- රාජ්‍ය සාහිත්‍ය සම්මානිත පවන් අංජන