රුවනි මහමායා සිනමාවේදීන් ෆේස්බුක් සමූහයට යොමු කළ ලිපියක් සහ ඡායාරූපයකි.
සම්මාන පිට සම්මාන ලැබිය යුතු රංගනයක්...
ශිරෝනිකා නිල්මිණි කොට්ටෙගොඩ, එහෙම නැත්නම් අපි නම් දන්නේ නිල්මිණි කොට්ටෙගොඩ කියලනේ. අපේ රටේ සිනමාවේ වාසනාවට ලැබුණු රංගන ශිල්පිනියක්. ඒකට විශේෂම හේතුව ඇගේ ප්රහසනය. අද අපේ නළු නිලියෝ සෑහෙන්න ප්රමාණයක් ප්රහසනය කියලා කරන්නේ කිචි කවාගන්න ඕනේ විහිලු නේ. ඉතින් එහෙම නැතුව ඇඟට දැනෙන පියෝ කොමඩි කරන්න හැමෝටම බෑ හරියට ජෝ, විජය, ගිරිරාජ් ඇතුළු සුළු පිරිසකගෙන් විතරයි අපිට පියෝ කොමඩි දකින්න ලැබුනේ සහ ලැබෙන්නේ. ඉතින් නිල්මිණි ත් එහෙමයි
හැමෝටම මතක ඇතිනේ 'මායා'. ඉතින් මායා චිත්රපටය එතරම් මිනිස්සු වැලදගන්න රන්ජන්, පුබුදු වගේම ප්රධානම හේතුවක් නිල්මිණිගෙ අසහාය රංගනය ඇයගෙ චරිතය මාලන් නොහොත් පුබුදු චතුරංග ගෙ අම්මා 'සීතා'. විජය නන්දසිරි මහත්තයාගෙ 64 මායම් රංගනයෙන් පස්සේ ඉල ඇදෙන්න හිනා වෙච්ච රංගනය දෙබස් ඉදිරිපත් කිරීම, මුනේ හැගීම් ප්රකාශය සියළුම දේ කියන්න බැරි තරම් විශිෂ්ටයි.
අපේ රටේ ඉතිම් ප්රහසනය ජනප්රියම ක්ෂේස්ත්රයක් උනාට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැති වීම හරිම කණගාටුයි. විශේෂයෙන් ශිල්පිනියන්ට. ජෝ, විජය, ටෙනිසන් මිය යනකන් හරි ඇගයීමක් ලැබුනේ නැහැ. ඉදිරියට හෝ ඉන්න කලාකරුවන්ව අගයන්න අදාළ අයගේ ඇස් පෑදේව!
ඉතින් නිල්මිණි කොට්ටෙගොඩ කියන්නේ අපේ රටේ ප්රවීන රංගන ශිල්පිනියක්. ප්රහසනයට අමතරව අය චරිතාංග රංගන ශිල්පිනියක් අඟර දඟර, ගින්දරි, සිකුරු හතේ, 64 මායම්, The Game, මායා, රන්ජා ඇතුළු එකී මෙකි නොකී චිත්රපට රැසකින් ද මෑතකදී විකාශය උනා 'චන්දෝලි' ටෙලි සිත්තමේ ඒ තාත්වික රංගනය අනර්ගයි.
දවසක් මට මතකයි කුමරි මුණසිංහ මහත්මිය කීව
"මිනිස්සුන්ව අඩවන්න ලේසි. ඒත් හිනා ගස්සන්න, සතුටු කරන්න හරි අමාරුයි කියලා"
ඔව් ඇත්ත ඉතින් මේ දෙකම කරනවා කියන්නේ ඇගේ හැකියාව ගැන තව විචාර කුමටද
ඉතින් අපේ නිල්මිණි එහෙම නැත්නම් සීතාට දිගින් දිගටම මේ වගේ ලස්සන script ලැබිල අපිව සතුටු කරන්න ලැබෙන්න ඕනේ
"මා පුතා..... වරෙන් වරෙන්"
නිල්මිණි කොට්ටෙගොඩ මහත්මිය හැමදාමත් ආදරෙයි