ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරාක්‍රම බස්නායක ෆේස්බුක් සමාජ ජාලය තුළ සක්‍රීය අදහස් දක්වන්නෙකි. ඔහු විසින් පාකිස්තානයේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ වාසය කරන කලාශ් ජාතිකයඉන් ගැන අපූරු සටහනක් උපුටාගත් සටහනක් සමගින් අද (10) දිනයේ පළ කර තිබිණි.
පාකිස්තානයේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ජීවත් වන කලාෂ් ජාතිකයන්
ජනගහනයෙන් 6000ක් සුළු ප්‍රමාණයක් වන කලාෂ් ජාතිකයන් ජීවත් වන්නේ පාකිස්තානයේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ හින්දුකුෂ් කඳු නිම්නයේය. ඔවුන්ගේ පෙනුම අනෙක් පාකිස්තානුවන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනී. නැගෙනහිර යුරෝපීය ලක්ෂණ පෙන්වන මොවුන් බහුතරයකට තඹ පැහැති කොණ්ඩ සහ නිල් පැහැති ඇස් ඇත. පෙනුමෙන් පමණක් නොව ආගම හා සංස්කෘතික අංගවලින් පවා මොවුන් පාකිස්තානුවන්ට වඩා වෙනස්වේ.
සමහර ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මොවුන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සමඟ පැමිණ ඉන්දියානු උප මහද්වීපයේ ඉතිරි වූ ග්‍රීක, මැසිඩෝනියානු සොල්දාදුවන්ගෙන් පැවත එන්නන් බවයි. නමුත් මෙයද ජාන විද්‍යාත්මකව සියයට 100ක් තහවුරු වී නොමැති අතර මොවුන්ගේ මුතුන් මිත්තන් පැමිණියේ කවර ප්‍රදේශයකින්ද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි.
I invite you to visit this place. Heaven on earth with beautiful people . Kalasha community is very hospitable and welcoming . I did my last assignment on fostering community based tourism in Kalasha valley for their local development...
(මම ඔබට ආරාධනා කරනවා මෙම ස්ථානයට පැමිණෙන ලෙස. සුන්දර මිනිසුන් පිරි මිහිපිට දෙව්ලොවක්. කලාශ් ජනවර්ගය සංග්‍රහශීලී සුහද පිරිසක්. කලාශ් නිම්නයේ ප්‍රජා මූලික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය පිළිබඳව මම මගේ අවසන් හැදෑරීම කර ඇත්තෙමී)
සටහන; රහීම් ඕශියා..✍️✍️✍️