lan englan tam

තිඹිරිට හමු වූ මිනිස්සු - ඩොමා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් රචනා කරනු ලබන මට හමු වූ මිනිස්සු - 2 සටහන් මාලාවේ කථා නායකයා වන්නේ ජනප්‍රිය නිර්මාණකරුවෙකු වන ඩොමිනික් චන්ද්‍රසාලිය.

ඩොමිනික් ගැන බොහෝ දෙනෙකු දන්නා නොදන්නා තතු බොහොමයක් තිඹිරියාගම බණ්ඩාරගේ මෙම සටහනෙන් බොහෝ දෙනෙකුට කියවාගත හැකිය.

කවියකට සිතුවමකට
හදවතේ පැහැය දුන් ගමන් සගයා
 
ඩොමිනික් මට හමු වූයේ මීට කලකට පෙර රාවය පුවත්පතේ මකරන්ද සහ මංජරිය පිටු සංස්කරණය කරන කාලයේ දීය.එකල ඔහු සරසවි සිසුවෙකි.වත්මනෙහි ඔහු ස්පාඤ්ඤයේ වෙසෙන චිත්ර කලාව හදාරන චිත්ර ශිල්පියෙකි.ඔහු එම විෂයෙන් පශ්චාත් උපාධි ලැබීය.එය මට මහත් සතුටකි.මා අසල නිබඳ දැවටෙන මගේම කෙනෙකුගේ ජයග්රහනයක් ලෙස එය මට දැනෙයි.
ඊට හේතු කිහිපයක් තිබේ.සාහිත්ය කලාව සහ මාධ්ය නිසා මට හමු වූ අව්යාජ මිනිසුන් ටික දෙනා අතරින් අයෙකි ඔහු.එවැනි චරිත සහතික මගේ හදවතින් නිකුත් වී ඇත්තේ ටික දෙනෙකුටය.
ඔහු අරමුණක් ජයගැනීම තෙක් දුෂ්කරත්වය අනුභව කිරීමේ සූදානම ඇත්තෙකි. කලාව නිසා නාමධාරීන් වන විට රැස්වළලු පෙන්වීමේ අසනීපයක් ඔහුට නැත.නින්දා පැසසුම් දෙක ම සිනාසී භාරගැනීමේ සැහැල්ලුවද ඔහු සතු ගුණයකි.
මකරන්ද පිටුවට සරසවි සිසුවකු ලෙස ඔහු ලියූ කවි පළ වූයේ නැත.
එහෙත් ඔහු අධෛර්යවත් නොවී ය.
කවදා හරි කවියකු වීමේ අදිටන ඔහුට විය .එය එසේ ම සිදුවිය.ඔහුගේ අවසන් වරට පළ වූ කවි එකතුව වන "කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව" විප්රලම්භය ආත්ම කොටගත් පුෂ්කිනියානු ශෛලියකින් ලියැවුණු අපූරු කවි එකතුවකි.
ඩොමා සිත්තරෙකි.සරසවි දිවියෙදී ඔහු ඇන්ද බලි කුරුටු සිතුවම් මගේ මතකයේ ඇත.මහත් උත්සාහයෙන් ඔහු තම කලාව දියුණු කරගත්තේය.
වත්මනෙහි ඔහු බිත්ති සිතුවම් කලාවෙහි අනන්යතා සලකුණු කළ විශිෂ්ට ගනයේ සිත්තරෙකි.
ඔහු තම මුද්රාව ජාත්යන්තරයට රැගෙන යමින් සිටී.
තිඹිරිගෙදර කලාගාරයෙහි චිත්ර ශිල්පියා වෙමින් ඔහු දුන් දායකත්වය අගය කරමි.වැඩි දුර අධ්යාපනය සඳහා විදෙස්ගත වීමෙහි දී ඔහු තම අයදුම් පතෙහි තිඹිරිගෙදර චිත්ර ශිල්පියා ලෙස හඳුන්වා දී තිබීමද මට මහත් සතුටකි..
ඊටත් වඩා සතුටු විය හැකි කරුණු තිබේ.
ඔහු අහිංසාවාදියෙකි.
සරසවි නවක වධයට එරෙහි වීම නිසා ඊනියා ශිෂ්ය ක්රියාකාරිකයෝ ඔහු නේවාසිකාරයෙන් පලවා හැරිය හ.
එහෙත් ඔහු තම පිළිවෙත් වෙනස් නොකළ අදීන මිනිසෙකි.
ජවිපෙන් පෙරෙට්ටන්ට සරසවිවල ශිෂ්ය සංගම්වල බලය මාරු වුවද නවකවධයට අත තැබීමට ඔවුහු බිය වූහ.ජවිපෙ පාලනයක් යටතේ ඉදිරියෙහිදී සරසවිවල වධක සංස්කෘතිය කුමන දිසාවකට ගමන් කරන්නේ දැයි බලාසිටිමු.
⁣මා කොළඹ දූවිල්ල පාගා වසර තිස්ගණනකි.මාධ්ය වෘත්තිය නිසා මට හමුවූ කලාකරුවන්ගේ තුන්වැනි පරපුරට අයත් ඩොමා මට මෙතරම් සමීප වූයේ ඇයි දැයි මම කල්පනා කරමි.
"ඕව ඔහොම තමයි සර්.කල්පනා කරන්න එපා."
හිත රිදුණු අවස්ථාවල ඔහු මා අස්වසා ඇත.
හිංසනයට එරෙහි වීම නිසා ශාස්ත්රවන්තයන් විසින් තමා එළියට දැමූ දවසෙහි ඔහු තම දුක මට කීවේය.
හිංසනය සමාජගත වූ සමාජයක අප සිටින තැන හා සිටිය යුතු තැන මම ඔහුට කීවෙමි.
ඩොමාගේ කිරිබත්ගොඩ බෝඩින් කාමරය එකල කවීන්ට හුරු පුරුදු තැනකි.
නිවස ඉදිරිපිට මිදුලට ගංකුකුළන් අහර සොයා පැමිණීම අපූරු දසුනකි.
ඩොමා උත්සාහයෙන් බොහෝ දේ උගත්තේය.සරසවි දිවියෙහි දී අසීරු අවස්ථාවල මහාචාර්ය පැට්රික් රත්නායක තමාට ළෙන්ගතුකමෙන් දුන් උපදෙස් ඩොමා මට කියා ඇත.
ඩොමා ඇතැම් දේවල් සම්බන්ධයෙන් කලකිරී සිටියේ ය.එනිසා ඔහු එතෙරයෑම ඉලක්ක කර ගෙන කට්ට කාගෙන වැඩ කළේය.
එනිසා අපූරු කලා නිර්මාණ බිහි විය.
පන්නල නැණසරා ගොඩනැගිල්ලෙහි බිත්තියෙහි ඔහු ඇඳ ඇති සුවිසල් සිතුවම ජාත්යන්තර මට්ටමේ එකකි.එය සංරක්ෂණය කළ යුතු ය.
ඩොමා එතෙර ගිය පසු සතුටක් මෙන්ම දුකක් ද ඇතිවි ය.
සතුට ඔහුගේ අධ්යාපනයයි.දුක සමීපතමයකුගේ රූපකාය දුරස් වීමය.
ඔහුගේ අධ්යාපන ජයග්රහණය නැවත මට සතුට ගෙනාවේ ය.
ඩොමිනික් චන්ද්රසාලිගේ කවි පොතේ කවියකින් කොටසක් උපුටා දක්වමින් මේ සටහන නිම කරන්නේ ඩොමා හමු වූ දවසක කතා කරන්නට ඇති දේවල් වියපැහැදම් වේදැයි දුකක් දැනෙන නිසාය.
 
විඩින් විඩ ඇහිපියන් ඇරෙන විට
මගින් නැවතුණු සිහිනයේ ඉතිරි කොටස
පියවි ලොවේ තැනින් තැන හමුවේවා
නිරන්තර සිහිනයෙන් අවදි වූ විගස

Back to top
Go to bottom

Popular News