lan englan tam

දරුවට වඩා කෙහෙල් පැළ හැදුව නම් කියන මව්පියන්ට Vaazhi

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහුගිය කාලේ ෆේස්බුකේ එකේ මරු පෝස්ට් එකක් දැක්කා. එකේ තිබ්බේ හාමුදුරුවෝ බණ කියද්දි දෙමාපියන්ට ගරු කරන එක ගැන වගේම දෙමාපියෝ දරුවන්ට ගරු කරන එකත් දරුවන්ගේ අදහස්වලට ඇහුම්කන් දිය යුතු බවත් කිව යුතුයි කියලා. ඒ කතාවට මේ ෆිල්ම් එක මරුවට ගැලපෙනවා.

"උඹව හදාගත්තට වඩා හොඳයි කෙහෙල් පැලයක් හිටෙව්වනම්. කැනක් හරි කපල විකුණනවා" කියන කතා අනන්තවත් අහල ඇති. සමහර පවුල්වල දෙමාපියන්ගේ ආසාවන් දරුවන්ට කියල බලෙන් ඉටු කරව ගන්න හදනවා. දරුවා කැමති නැති ආස නැති විෂයක් බලෙන්ම උගන්වලා අන්තිමේට මුළු පවුලටම ඒක බලපානවා. කෙනෙක් බලකළ නිසා කිසියම් දෙයක් කරනවට වඩා තමන්ගේ දැනෙන හැගෙන හොඳයි කියලා හිතෙන දෙයක් කරන කොට ඒ දේ ආසාවෙන් කරනවා.
මේ ෆිල්ම් එකත් ඒ වගේ කතාවක්. කෙහෙල් පැලයක සීන් එකෙන් පටන් අරන් අන්තිමට ගංවතුරට කෙහෙල් වගාවක්ම විනාශ වෙන සීන් එකකින් ඉවර වෙන මේ මලයාලම් චිත්‍රපටය නම් මුල ඉදන් අගට ආතල් කෝටියක් වගේම අන්තිමට මාර පණිවිඩයකින් කතාව ඉවර කරනවා. මේ හරියට හිටවන්න ඕන කෙහෙල් පැලේ කතාව.

දිනුක මලින්ද හේරත්

Back to top
Go to bottom

Popular News