සරලවම කියනවා නම් "රූපය, රංගන දක්ෂතාව සහ සමාජ භාවිතය පදනම් කරගත්ත ඉහළම ජනප්රියතාවක් තියන කෙනා" තමයි රංගන ක්ෂේත්රයේ සුපිරි තරුව. මේ 'තරු ගුණය' කියන්නෙ රංගන හැකියාවෙන් එහාට ගිය සුවිශේෂී සංකල්පයක්.
මට අනුව ජනප්රියම නළුවා හෝ නිළිය සම්මානය දිනාගැනීම සහ සුපිරි තරුවක් වීම කියන්නෙ වෙනස්ම කාරණා දෙකක්.
නළුවෙක් හෝ නිළියක් සුපිරි තරුවක් වුනාම, ඒ තරුවට විශාල ජනාකර්ෂණයක් සහ අති විශාල වාණිජ වටිනාකමක් ලැබෙනවා කියලා 'වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්රයේ' ඉන්න මම හොඳටම දන්නවා.
මේ නිසා සුපිරි තරු වෙන්න ගොඩක් නළු නිළියෝ මහන්සි වෙනවා. ඒත් හැම කෙනෙක්ටම සුපිරි තරුවක් වීමේ හැකියාව සහ සම්භාවිතාව (වාසනා ගුණය / අහඹු අවස්ථා) නෑ.
වාණිජමය භාණ්ඩයක්, සේවාවක්, නිර්මාණයක් හෝ සන්නාමයක් ප්රවර්ධනය කරන්න තරු ගුණය තියන Brand Ambassador කෙනෙක්ව 'රංගන ක්ෂේත්රයෙන්' තෝරගනිද්දි අපි ගණනය කරන න්යායාත්මක සහ ප්රායෝගික තලයේ සංකීර්ණ විෂය කාරණා ගොඩක් තියනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්.
















නළු නිළියන් අතරින් ජනප්රියත්වයට අදාළ පරිසාධන මට්ටම අභිබවා ගිය තරු රැසක් හිටියත්, වාණිජ සහ අලෙවිකරණ ක්ෂේත්රයට දැනෙන ප්රශස්ත පරිසාධන මට්ටම අභිබවා ගිය 'සුපිරි තරු ගුණය' තියන අය ඉන්නෙ කිහිපදෙනයි. ඒ කිහිපදෙනා අතර Shalani, Dinakshie, Saranga, Hemal ඇතුළු සුළු නළු නිළියන් පිරිසක් උඩින්ම ඉන්නවා. Lavan, Michelle, Raween කියන අයත් අවස්ථානුකූලව උඩින් ඉන්නවා.
ලෝකෙ හැමතැනම රූ රැජිණ තේරීමේ තරගවලට ලොකු අවධානයක් තියනවා. ඒත් රූ රාජයා තෝරන තරගවලට ඒ තරම් අවධානය නෑ. මේක සමාජ විද්යාත්මක සහ මනෝ විද්යාත්මක දෙයක්. ඒ නිසා සමාජ අවධානය දිනාගන්න ශ්රී ලංකාවේ මීළඟ "නිළි සුපිරි තරුව" කවුද කියන එක ගොඩක් වැදගත්.
සුපිරි තරුවක් වෙන ගමන වැල් පාලමේ යනවා වගේ අනතුරුදායක අභියෝගයක්. මේ ගමනෙදි රෝග, ආබාධ, මානසික ව්යාකූලතා, මානසික කඩා වැටීම්, බංකොලොත් වීම් සහ සමාජ අපවාදවලට ගොදුරු වීම් වගේ දේවලුත් වෙනවා. ඒත් මේ හැම දෙයක්ම දරාගෙන ඉදිරියට යන එක තමයි ජයග්රහණය.
තව අවුරුදු 2ක් 3ක් යද්දි බිහිවෙන තරුවලට වඩා, මට වැදගත් එතනිනුත් එහා අනාගතය!! තවත් අවුරුදු 5ක් 10ක් ගියාට පස්සෙ සුපිරි නිළි තරු බවට පත් වෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන් අය කවුද ?
මෙතෙන්දි තරුණ නිළියන් කිහිප දෙනෙක් මගේ රේඩාර් එකට අහුවෙනවා. මේ ඉන්නෙ ඒ අය.




මීට අමතරව තවත් බොහෝ අය ඉන්නවා. ඒ අයගෙ නම් comment කරන්න ඔබට පුළුවන්....
මේ අයට ඉහළ වාණිජ වටිනාකමක් තියන සුපිරි තරුවක් වෙන්න නම් වැල් පාලමේ තව ගොඩක් දුර යන්න තියනවා. නෙත්මි රොෂෙල් මේ වැල්පාලමේ සැලකිය යුතු දුරක් උපක්රමශීලීව ඇවිල්ලා ඉහළින් ඉන්නවා.
වැල් පාලමේ යන අතරමඟදී ඒ අය ගන්න තීරණ සහ ඒ අයට මුහුණ දෙන්න වෙන අභියෝගවලට ඒ අය දක්වන ප්රතිචාර අනුව පාලමේ එහා කොනට යන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා.
අතීතය පුරාවටම සුපිරි තරු වීමේ හැකියාව තියන බොහෝ තරුණ නිළියන් අංකුර අවස්ථාවලදී ගත්ත විවිධ වැරදි තීරණ සහ වැරදි තෝරාගැනීම් නිසා සුපිරි තරුවක් වෙන්න කලින් ඇක්සිඩන්ට් වුනා. ඩෝං!!
සමහරු පෞද්ගලික අවශ්යතා මත දැනුවත්ව ඇක්සිඩන්ට් වුනා. තවත් අය ඇක්සිඩන්ට් වුනේ නොදැනුවත්ව. මේක නැගී එන තරුණ තරු අතින් සිද්ධ වෙන සහ තමන් විසින්ම කරගන්න 'common accident' එකක්.
මෙතන තියන අනිත් ප්රශ්නෙ තමයි සුපිරි නිළි තරුවක් වීමේ පෙර ලකුණු පෙන්නනකොට ඒ නිළිය වටේ අනවශ්ය උපදේශක මණ්ඩල බිහිවෙන එක. මේ උපදේශකවරු අංකුර සුපිරි තරුවලට විද්යාත්මක නොවන උපදෙස් තොග ගණන් දෙනවා. අත්දැකීම් නැති මේ අලුත් නිළියො ඒ උපදෙස් හරි කියලා භාරගන්නවා. එහෙම වෙලා විනාශ වුන සමහරු දැන් රටෙත් නෑ, තවත් සමහරු ලොවෙත් නෑ. ඒ නිසා හැමෝම දෙන උපදෙස් ෆිල්ට කරලා ගන්න එක ගොඩක් වැදගත්.
ගොඩක් තරුණ නිළියන්ට තමන්ගේ සෝෂල් මීඩියා පවත්වාගැනීම සහ ඒවායේ දාන/නොදාන දේවල් ගැන හරි අවබෝධයක් නෑ. තමන් post කරන එක පුංචි වචනෙකින් තමන්ගේ image එකට වෙන හානිය ගැන ගණනය කිරීමක් හැම කෙනෙකුටම තියෙන්න ඕන.
තමන් ගැන gossip එකක්, තමන්ට හානිදායක video/photo එකක් ප්රසිද්ධ වුනොත් කරන්න ඕන නිවැරදි දේවල් සහ හැසිරෙන්න ඕන විදිහ ගැන ගොඩක් තරුණ නිළියන්ට අවබෝධයක් නෑ. ඒ නිසා social media ඇතුළේ තමන්ට නොගැලපෙන දෙයක් වුනොත් ඒ තරුණ නිළියො 18වන්නම නටලා, 18පොළේම ගාගෙන, 18වංගුවේ යනවා වගේ හැසිරිලා ජීවිතේ අවුල් කරගන්නවා.
මේ ක්ෂේත්රය ඇතුලෙ නිළියකට මේ වැල් පාලමෙන් එගොඩ වෙනවා කියන එක හිතන තරම් ලේසි නෑ. අසීමිතව මොළේ පාවිච්චි කරලා හයිය තැන්වලින් අඩිය තියලා අවධානමක් අරගෙන තමයි සුපිරි තරුවක් වෙන game එක play කරන්න ඕනෙ.
අපේ සිනමා සහ ටෙලි නාට්ය ක්ෂේත්රයට විතරක් නෙමෙයි, වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයටත් සුපිරි තරු ඕනෙ. අපේ අසල්වැසි ඉන්දියාවේ වෙළෙඳ ප්රචාරණ ක්ෂේත්රය ඇතුලෙ ඉතාමත් නිර්මාණශීලීව තරු ගුණය පාවිච්චි කරනවා. ඒත් ශ්රී ලංකාවේ ඒ වගේ ලොකු තරු ගුණයක් තියන සුපිරි තරු ගොඩක් අඩුයි.
සමහර වාණිජමය ව්යාපෘතිවලට හරියටම ගැළපෙන සුපිරි තරුවක් හොයාගන්න බැරුව වෙනත් විකල්ප දේවල් කරපු සහ ඒ ව්යාපෘතිය අතහැරලා දාපු අවස්ථා ඕන තරම් තියනවා.
ශ්රී ලංකාවේ කලා ක්ෂේත්රය, නිර්මාණාත්මක සහ වාණිජ අතින් සාර්ථකත්වයට අරගෙන යන මාර්ගය පෙන්නන්න, මොළෙන් ගේමක් ගහන සුපිරි තරුවලට පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
Credits
;

මේ විෂය ගැන තමන්ගේ වෘත්තීමය අත්දැකීම් ඇසුරෙන් අදහස් බෙදාගත් පහත නම් සඳහන් සියලුම දෙනාට Thanks 




ලක්මිණ රණසිංහ ©