lan englan tam

අත් අකුරු ලිවීමෙන් උපදින චිත්‍රය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ඕනෑම මනුෂ්යයෙක් තම භාෂාවේ අකුරු මතකයෙන් ලියයි .පොත් ලියන ලේඛකයෝ පෑනෙන්ද , යතුරු ලියනයෙන්ද , පරිගනකයෙන්ද අකුරු ලියත් .

පරිගණකයේ එක් අකුරක් ගැසු ගමන් ඒ අකුරට අදාළ වචන සමුහයක් දිස්වෙයි . ඔබට අවශ්ය වචනය එහි වේනම් ඔබට එය තෝරාගෙන වියමන ඉදිරියට ගෙනයා හැක . නැතහොත වචනයට අදාළ දෙවැනි අකුර ද යොමුකළ විට තවත් වචන දිස්වේ . ඔබට අවශ්ය වචන ලැබෙමින් පවතින නිසා ඔබගේ ලිවීම සම්පුර්ණ කරගත හැක .

එහෙත් පෑනෙන් ලියන්නාගේ මතකය , පුරුද්ද අකුරු අඳියි . වචන සිය දහස් ගණනාවක් ලියමින් තම ලියැවීම නිර්මාණාත්මකව කරයි .
අත් අකුරු යනු භාෂාමය මතක රටාවකි .
ඉතිං ඔබව චිත්රශිල්පියෙකු කිරීමට , කිරීමේ හැකියාව අත් අකුරු ලියන ඔබට තිබේ .
ඔබ දැනටමත් එහි පළමු ප්රවිශ්ටයට පැමිණ තිබේ .
ඔබට මෙසේ පැවසුවොත් , ඉරක් අඳින්න , රවුමක් අඳින්න ,කොටුවක් අඳින්න ...
ඔබ ඒවා ඔබට ඕනෑ ලෙස අඳීවී .ඔබ විධානයට පමණක් ක්රියාත්මක වුවහොත් ඉරක් , රවුමක් , කොටුවක් පමණක් අඳීවි .ඔබ නිර්මාණශීලි ව හිතන්නෙක්නම් ඔබ ඒ ඉරත් ,රවුමත් , කොටුවත් ඉරත් , හඳත් නිවසකුත් අඳී වි . නැතහොත් ඔබ ඒවා තුළින් ඔබට ඕනෑ දෙයක් අඳීවි .
අතකුරු ලියන්නට පුළුවන් ඔබට නිර්මාණශීලි චින්තනය , ප්රභවය තුළින් නිසැකවම චිත්රශිල්පියෙකු වීමට පුළුවන .
අභියෝගය ඔබම මිස වෙනකෙනෙකුන් නොවේ.
 
මනෝහාරී හේවාවසම්
Back to top
Go to bottom