ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරපු ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’චිත්‍රපටය ඊයේ ඉදන් (අප්‍රේල් 25) දිවයින පුරාම තිරගත වීම ආරම්භ කළා.
පිටපත - ලක්මාල් ධර්මරත්න | දමිත චන්ද්‍රසිරි
නිෂ්පාදනය - අසංක දොඩන්තැන්න | ප්‍රදීප් පෙරේරා
මේ සටහන නම් මේ චිත්‍රපටය හැදුන හැටි ගැන,
සාමාන්‍යයෙන් අපි චිත්‍රපටයක් ගැන සදහන් කරන කොට වැඩිපුර කතා කරන්නේ එහි අධ්‍යක්ෂක වරයා ගැන විතරයි. නමුත් චිත්‍රපටයක් කියන්නේ සාමූහික මිනිස් ශ්‍රමයක ප්‍රතිඵලයක්. ඇත්තටම චිත්‍රපටයක් එළියට එනකොට ඒ චිත්‍රපටය ඇතුළේ මේ සාමූහික මිනිස් ශ්‍රමය අන්තර්ගත වෙලා තියනවා.
‘වාලම්පුරි’ චිත්‍රපටයත් මේ විදිහේ සාමූහික මිනිස් ශ්‍රමයක, කැපකිරීම් ගොඩක එකතුවෙන් නිර්මාණය උන චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළුවන්.
මේ චිත්‍රපටයේ ඇතැම් රූගත කිරීම් සිදු කරලා තිබුණේ ලංකාව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙච්ච කාලේ. මේ කාලේ ඇති උන ඉන්ධන හිගය වගේ ප්‍රශ්න නිසා වාලම්පුරි චිත්‍රපටය රූගත කරද්දිත් බොහෝ බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා.
ඉතින් මේ හැම අභියෝගයක්ම ජයගන්න පුළුවන් වෙලා තිබුණේ ‘වාලම්පුරි’ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ වගේම ඊට රංගනයෙන් දායක උන ශිල්පීන්ගේත් කැපකිරීම් ගොඩක එකතුවක් හින්දයි.
චිත්‍රපයටයේ අධ්‍යක්ෂකවරයා උන ලක්මාල් ධර්මර්තන ‘වාලම්පුරි’ නිෂ්පාදන කණ්ඩායමේ කැප කිරීම් ගැන පසුගිය දවස් වල තිබුණ බොහෝ සම්මුඛ සාකච්ඡාවලදී සඳහන් කරලා තිබුණා වගේම ඔවුන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වෙලා තිබුණා.
පහතින් දක්වලා තියෙන්නේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ලබා ගත් ඡායාරූප පෙළක්.
මේ චායාරූප පෙළ මේ චිත්‍රපටයේ සාමූහික මිනිස් ශ්‍රමයේ එකතුව පෙන්වන හොඳ නිදසුනක්.
http://mirrorarts.lk/news/86-photo-note/10956-2025-04-26-07-45-30#sigProId1596a08d6e