lan englan tam

පුවත්

දයාන් විතාරණ ලබාගත් නිළි රැජිණියගේ අපූරුතම ඡායාරූප පෙළ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකාගේ මේ සොඳුරු ඡායාරූප පෙළ එක් කරලා තිබුණේ ප්‍රවීණ කැමරා ශිල්පී දයාන් විතාරණ විසින්.

දශක ගණනාවක් පුරා සුවහසක් රසිකයන්ගේ අශාවේ වස්තුව වූ මාලිනියගේ නොවියපත් අපූර්වත්වය මේ ඡායාරුප පෙළ මගින්  මනාව පිළිබිඹු වෙනවා.

මේ ඡායාරූප පෙළ සමග දයාන් විතාරණ විසින් ආදරණීය සටහනක් ද තබා තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූප පෙළයි.

නිළි රැජිනගේ අපුරුතම ඡායාරූප මා ගෙන අදට වසරක් ගෙවෙයි 

මා 1988 වසරේ පටන් අප ආදරණීය මාලිනී අක්කාගේ අලේඛ්‍ය ඡායාරූප ගෙන ඇතත්, ඇයව වඩාත් සුන්දරම ලෙස මා කැමරාවට හසුකරගත්තෙ වසරකට පෙරාතුව අද වැනි දිනෙක ය.

මා එම ඡායාරූප පිළිබඳ එතරම් ප්‍රිය ය. ඒ ඡායාරූපවල නිලි රැජිනියගේ නොවියපත් අපූර්වත්වය මනාව පිළිබිඹු වන බව මට හැඟේ.

අතිදක්ෂ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී ධනුෂ්ක කුමා විසින් හැඩගන්වා එදින මවිසින් ගත් මෙතෙක් පල නොකල ඡායාරූප මේ සමග ඔබට ද නරඹනු පිණිස ගෙනෙන සේම,

මාලිනී අක්කා අප සැමගේ සුව පැතුම් ලබා යලිත් අප වෙතට පැමිණි පසු නුදුරේම මීටත් වඩා සොඳුරු සිතුවම් පෙළක් ඇගේ රුවෙන් නිශ්චල කරගැනීමට මා බලාපොරොත්තු වන්නෙමි.

ආදරණීය රැජිනියනි, ඔබට තෙරුවන් සරණින් කඩිනම් පූර්ණ සුවයම සැලසේවා !!!

(ඡායාරූප මූලාශ්‍රය දයාන් විතාරණගේ මුහුණු පොත ඇසුරිනි)

Back to top
Go to bottom