මේ ඡායාරූපය සටහන් වෙලා තිබුණේ පසුගිය 13 වෙනිදා ආරම්භ උන ලොව කීර්තිමත්ම සිනමා සම්මාන උළෙලක් විදිහට සැලකෙන ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවයේදීයි.
මේ ඡායාරූපයේ ඉන්නේ ලෝක සිනමාවේ විශිෂ්ටයන් තිදෙනෙක් කිවුවොත් හරි.
එක් කෙනෙක් තමයි රොබට් ද නීරෝ (Robert de Niro) කියන ප්‍රවීණ සම්මානනීය ඇමරිකානු සිනමා නළුවා.
ඔබ Taxi Driver(1976) ජනප්‍රිය ඇමරිකානු චිත්‍රපටය නරඹලා තියනවා නම් එහි ප්‍රධාන චරිතය රඟ පාන්නේ රොබට් ද නීරෝ විසින්.
Taxi driver, Casino, Raging Bull, Deer Hunter, Awakenings... යනු ඔහු රංගනයෙන් දායක වූ ප්‍රධාන චිත්‍රපට කිහිපයක්.
Taxi Driver (1976) චිත්‍රපටයේ Robert de Niro ගේ ඡායාරූපයක්
අනෙක් කෙනා තමයි, ප්‍රසිද්ධ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක ක්වෙන්ටින් ටැරන්ටීනෝ (Quintin Tarantino).
ක්වෙන්ටින් ටැරන්ටීනෝ ඡායාරූපයක් - 2025 කාන් සිනමා උළෙලේ සමාරම්භක උත්සවයේදී
ඔහුගේ 'pulp fiction' කියන ජනප්‍රිය චිත්‍රපටය 1994 වර්ෂයේ කාන් චිත්‍රපට උලෙලේ විශිෂ්ටතම චිත්‍රපටයට පිරිනැමෙන palmed ‘or සම්මානය හිමි කර ගත්තා.
ප්‍රචන්ඩකාරී දර්ශන වලින් පිරුණු තමන්ටම අනන්‍ය වූ සිනමා භාවිතයක් තිබෙන ටැර්න්ටිනෝ මේ වන විට ලෝක සිනමාවේ සම්මානනීය චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කරපු විශිෂ්ට සිනමා කරුවෙක්.
Pulp fiction, Django unchained, once upon a time in Hollywood වැනි චිත්‍රපට ඔහුගේ සම්මානනීය චිත්‍රපට කිහිපයක්.
තුන්වෙනි කෙනා තමයි ඔබ කවුරුත් දන්න ජනප්‍රිය හොලිවුඩ් නළු Leonardo DiCaprio (ලියනාඩෝ ඩිකැප්‍රියෝ).
Leonardo DiCaprio ගේ ඡායාරූපයක්
හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පවා හිමි කර ගෙන ඇති ඩිකැප්‍රියෝ මේ වන විට ලෝක සිනමාවේ ඉන්න විශිෂ්ට නළුවෙක් විදිහට සලකන්න පුළුවන්.
Titanic, Inception, The revenant, The wolf of wall street.... වගේ චිත්‍රපටි ඔහු රංගනයෙන් දායක වූ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයක් විතරයි.
ඉතින්,
පසුගියදා ආරම්භ උන කාන් චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවයේදී රොබට් ද නීරෝ හට පාම් ඩි’ ඕර් ගෞරව සම්මානය (honorary palmd’or) පිරිනමනු ලැබුවා .ඒ ඔහු විසින් සිය රංගන ජීවිතය තුළ ලබාගත් සියලු ජයග්‍රහණ අගයමින්. සම්මානය ලබා ගනිමින් ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව සඳහන් කරමින් කළ කතාවත් මේ වන විට බොහෝ කතා බහට ලක් වී තිබෙනවා.
Robert de Niro හට පාම් ඩි' ඕර් ගෞරව සම්මානය (honorary palmd'or) පිරිණැමුනු අවස්ථාව
මෙවර 2025 කාන් චිත්‍රපට උළෙල මැයි 13 වනදා සිට මැයි 24 වනදා පැවැත්වීමට නියමිතයි. මේ ගැන තොරතුරු තවත් ඉදිරියේදී බෙදා හදා ගමු.
පහතින් දක්වලා තියෙන්නේ මෙවර කාන් චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවයේ ඡායාරූප පෙළක්.