ඔන්න, අමීර් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන අලුත්ම චිත්‍රපටය වන 'Sitaare Zameen Par' හි නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරලා තියෙනවා.
දන්නවනෙ, අමීර් ඛාන් ව නිතරම චිත්‍රපටි වලින් දකින්න ලැබෙන්නේ නෑ.කොහොම උනත් තමන් චිත්‍රපටයක රඟපාන්න තෝර ගත්තට පස්සේ ඒ වෙනුවෙන් කරන අසීමිත කැපකිරීම හින්දා අමීර් ඛාන් රගපාන චිත්‍රපට වලින් ඔහුගේ විශිෂ්ට රංගනයක් දැක ගන්න පුලුවන්.
Lagaan, Gajini, PK, Dangal, 3idiots.... වගේ නිර්මාණ ඊට හොඳම උදාහරණ.
ඉතින්, මේ අලුත්ම චිත්‍රපටය 'Sitaare Zameen Par' කියන්නේ 2018 වර්ෂයේ තිර ගත උන ස්පාඤ්ඤ (spanish) චිත්‍රපටයක් වන ‘Campeones’ හි ප්‍රතිනිර්මාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ.
'Sitaare Zameen Par' චිත්‍රපටය හරහා අමීර් ඛාන් පැසිපන්දු පුහුණු කරුවෙකුගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ.
චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ පැසිපන්දු පුහුණු කරුවෙක් වන මෙහි ප්‍රධන චරිතය (අමීර් ඛාන් නිරූපණය කරන) නීති කඩකිරීමක් සහ ඔහුගේ නොමනා හැසිරීම නිසා දඩුවමක් විදිහට ප්‍රජා සේවා කටයුතු සදහා යොමු කරනු ලැබීමත් එක්ක.
එහිදී විශේෂ අවශ්‍යතා ඇති පැසිපන්දු කණ්ඩායමක පුහුණු කරු විදිහට කටයුතු කරන්න ඔහුට සිදු වෙනවා.
ඉන් පස්සේ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යන්නේ මේ පැසිපන්දු කණ්ඩායමත් එක්ක ඔහුට මුහුණ දෙන්න සිදු වන සිදුවීම් එක්ක.
මෙතනදී ඔහුට ජීවිතයේ වෙනස්ම පැතිකඩක් අත්දකින්නට ලැබෙනවා.
Sports-comedy-drama කියන වර්ගය යටතට ගන්න පුළුවන් මේ චිත්‍රපටය 2025 ජූනි 20 වෙනිදා ඉදන් තිරගත වෙන්න නියමිතයි.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ R. S. Prasanna විසින්.
චිත්‍රපටය නිෂ්පාදනය කර්න්නේ අමීර් ඛාන් සහ Aparna Purohit විසින්.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයයි.