බුද්ධික දමයන්ත විසින් අධ්‍යක්ෂණය කළ, CHE (විප්ලවකාරයෙකුගේ අවසන් දවස්) වේදිකා නාට්‍යය, 2025 මැයි 17, ප.ව 3.30 සහ 6.30 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
මෙම නාට්‍යයේ පරිවර්තනය චූලානන්ද සමරනායකගෙන් වන අතර නිෂ්පාදනය ආරෝෂ ප්‍රනාන්දු විසිනි.
මහේන්ද්‍ර වීරරත්න, චලනි කොස්තා, ජීවන්ති පෙරේරා, රුසිරු පැහැසර,අනිඳු ඉමාෂ් සහ බුද්ධික දමයන්ත මෙම නාට්‍යයට රංගනයෙන් එක් වනවා.
විමසීම් - 071 – 4801542
පහතින් දක්වෙන්නේ වේදිකාගත වීමට නියමිත CHE (විප්ලවකාරයෙකුගේ අවසන් දවස්) නාට්‍ය නිෂ්පාදනය පිළිබඳව ජය ශ්‍රී මුණසිංහ තැබූ සටහනකි.
(උපුටාගැනීම)
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති සහ ප්‍රකට ජ්‍යෙෂ්ඨ චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය නිෂ්පාදක, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ 25වන නිෂ්පාදනයවන, බුද්ධික දමයන්ත විසින් අධ්‍යක්ෂණය කළ 'චේ' නාට්‍යය මැයි 17 සෙනසුරාදා ප.ව. 6ට මංගල දර්ශනය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.
නිෂ්පාදක, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
විප්ලවය, අධ්‍යාපනය සහ සෑබෑ ගුරුවරයා කවුද යන්න පිලිබද බරපතල සංවාදයක යෙදෙන මෙම නාට්‍යයෙ සිංහල පරිවර්නය චූලානන්ද සමරනායක සතුවන අතර මහේන්ද්‍ර වීරරත්න, චලනි කොස්තා, ජීවන්ති පෙරේරා, රුසිරු පැහැසර, අනිඳු ඉමාෂ් සහ බුද්ධික දමයන්ත මෙම නාට්‍යයට රංගනයෙන් දායක වෙති.
"සිංහල වේදිකාවම සරල විනෝදාත්මක, ප්‍රහසන රැල්ලක ගිලෙමින්, දිය බුං ගසන, මොහොතක, 'චේ' වැනි බරපතළ නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ඒමට අවස්තාව මාහට උදා වෙන්නෙ, සැබවින්ම ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ මැදිහත්වීම නිසාය.
පසුගිය දිනක අහම්බෙන් මෙන් මා ඇමතූ ඩොක්ටර් අරෝෂ අපි අලුත් වැඩක් කරමු බුද්ධික යන්නෙන්, මාහට යෝජනා කල අතර, එහිදී මා ඔහුට පැවසුවේ ඒ වන විටද නිෂ්පාදනයට සැලසුම් කරමින් තිබූ ප්‍රහසන ගනයේ නාට්‍යයක් නිෂ්පාදනය කරමු යන්නයි. නෑ.... මට ඕන මේ කාලෙට ගැළපෙන බරපතල නාට්‍යයක් බුද්ධික ලව්ව නිෂ්පාදණය කරවගන්නයි.
'චේ' හෙවත් විප්ලවකාරයෙකුගේ අවසන් දවස් නාට්‍යය මැයි මස 17 එල්ෆිනිස්ටන් රගහලේදී වේදිකා ගතවන්නේ ආචාර්ය අරෝෂගේ දායකත්වය මතමයි" නාට්‍යය අධ්‍යක්ෂක, බුද්ධික දමයන්ත පැවසීය.
අධ්‍යක්ෂක - බුද්ධික දමයන්ත
"සියල්ල ලාභ පාඩු මතම තීරණය වන මෙවැනි අවිචාරවත් යුගයක, සරල ප්‍රහසන ගනයෙ නාට්‍යයක් නිෂ්පාදණය කිරීම පසෙක ලා, 'චේ' වැනි බරපතළ නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ඒමට බරපැන දැරීමට දායක වූ ආචාර්ය අරෝෂට මගේ මේ උපහාරය" බුද්ධික දමයන්ත තවදුරටත් පැවසීය.
සටහන - ජය ශ්‍රී මුණසිංහ