lan englan tam

පුවත්

පිටසක්වල ජීවීන් ගැන කතා තේමාවක් රැගත් අලුත්ම ළමා චිත්‍රපටයක් ‘ අහසින් එහා’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් හදාරමින්, මෙයට කලකට  පෙර " යම රජ සිරි " සිනමා සිත්තම ප්‍රේක්ෂකයා අතරට රැගෙන ආ සජීව සංකල්ප ඔහුගේ දෙවන සිනමා නිර්මාණය ලෙසින් , ළමා ලෝකයට නව  වීරයන්  බිහිකරන " අහසින් එහා " චිත්‍රපටයේ රූ ගත කිරීම්  පසුගියදා ආරම්භ කරනු ලැබුවා.

මෙය මෙතෙක් පිට සක්වල ජීවීන් හා ළමයින් සම්බන්ධව නිමැවුන සිනමා පට තුලින් එහා ගිය , නූතන තාක්ෂණය උපරිම ලෙසින් දායක කරගෙන නිර්මාණය වන්නකි.

මෙහි රංගනයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු , රොබෙකා දිල් රුක්ෂි , කේශාල් යෝශව , සුහන්දි උපේත්මා , කුසල් මධුරංග  , රොජර් සෙනෙවිරත්න , රොඩ්නි වර්ණකුල , කුමාර තිරිමාදුර , ජගත් චමිල , ලක්ෂ්මන් අමරසේකර , ප්‍රියංකා ප්‍රියදර්ශනී , බර්ටි නිහාල් සුසිරිපාල , ශිරෝමිකා ප්‍රනාන්දු , චමිල ඒකනායක සමගින් ළමා රංගන ශිල්පීන් රැසක් එක් වනවා.

මෙහි අධ්‍යක්ෂණය මෙන්ම , කතාව , කැමරා අධ්‍යක්ෂණය ,සංස්කරණය සහ වර්ණ සංයෝජනය , සංගීතය , දෙබස් , ශබ්ද හා දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය ද සජීව සංකල්පගෙන් වීම  විශේෂත්වයකි.

ed37ba14 5ec1 4497 bca4 b70216c7ab86'අහසින් එහා' චිත්‍රපටයේ අධ්‍යක්ෂක සජීව සංකල්ප

නිෂ්පාදනය චමිල ඒකනායක, ප්‍රනාමි වින්ද්‍යා ඒකනායක හා සජීව සංකල්පගෙනි.  සුගත් සෝමවීර හා අතුල බණ්ඩාර විසින් රචිත ගී පද කේෂියා සංකලනි ගායනා කර ඇත .

කලා අධ්‍යක්ෂණයෙන් හා ඇඳුම් නිර්මානයෙන් දිනේෂ් රාජපක්ෂ, අංග රචනයෙන් තාරක අධිකාරි, සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ඉලංකෝන්,  නර්ථන වින්‍යාසයෙන් දිල්ශාර උශනි අධිකාරි සමගින් නිමන්ති රණසිංහ එක්වී  ඇත.

a21febca 1f90 438b b7b1 0b47ebd162a6තාරකා දොරටුවෙන් එහා ලෝකය යා කරන පුංචි වීරයන්ගේ කතාව ලෙස නම්කර ඇති මෙය, ගවේෂණශීලි විද්‍යාත්මක ළමා සිනමා නිර්මාණයකි .

ඇන්ටන්  ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom