lan englan tam

පුවත්

වසරේ සිනා සාගරය ‘හවුස් ෆුල්’ මැයි 29 සිට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මගෝ ඩිගෝ ඩයි - මගේ යාලු පුංචි භූතයා - අපට සැදුනු අපේ ලෝකය වැනි සිනමා නිර්මාණ ඔබ වෙත ගෙනා  ලාල් ප්‍රියදේවගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය තමයි ‘හවුස් ෆුල්’ කියන්නේ.

‘හවුස් ෆුල්’ චිත්‍රපටය එළඹෙන මැයි 29 වනදා ඉදන් MPI මණ්ඩලයේ සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලා 65ක තිරගත වීම ආරම්භ වෙනවා.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චූලක්ෂි රණතුංග, ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක, කුසුම් රේණු, ටෙඩී විද්‍යාලංකාර, දමිතා අබේරත්න, නිලන්ති ඩයස්, ශාලිකා එදිරිසිංහ.... ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

‘හවුස් ෆුල්’ චිත්‍රපටය මොහාන් පෙරේරාගේ නිෂ්පාදනයක් සහ සුනිල් ටී. ප්‍රනාන්දු, ගිහානි වීරසිංහ සම නිෂ්පාදනයක් වනවා.

මෙය තව්තිසා පික්චර්ස් ඉදිරිපත්කිරීමක්
MPI බෙදාහැරීමක්

ඉතින්, මැයි 29 වනදා සිට ජනකාන්ත නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩ වන ‘හවුස් ෆුල්’ ඔබට සිනහව සපිරි අපූර්ව සිනමා අත්දැකීමක් තිළිණ කරනවා නොඅනුමානයි.

 May be an image of 2 people and text that says "THAWTHISA PICTURES PRESENTS මැයි 29 වනදා සිට... A FILM BY LAL හවුටී PRIYADEVA HOUSEFULL PRODUCED සල PRODUCEDBYMOHANPERERA BY MOHAN PERERA ေ- PRODUCED PROOUCEDBYSUNIL SUNILT FERMANDO GIHANI WEERASINGHE EDB ISURU HEnAACHCHИ CHULAKSHI RANATHUNGE JEEWAN KUMARATHUNAGA KUSUN RENU DAMITHA ABEYRATHNE NILANTHI DEAS SAMAN HEAMRATHNE MIHIRA SIRITHILAKE ANROOYEN TED VIDYALANKARA SURAN SATHARASINGHE .B GANGODATHANNA"

Back to top
Go to bottom