lan englan tam

පුවත්

ජාත්‍යන්තර වේදිකාවේ ‘හැම්ලට්ගේ’ චරිතයට පණ පොවන්නට සැරසෙන හිරාන් අබේසේකර!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හිරාන් අබේසේකර කියන්නේ ලංකාවේ නම ලෝකයට ගෙන ගිය ජාත්‍යන්තර වේදිකාවේ රංගන කටයුතු වල නිරතවෙන අති දක්ෂ රංගන ශිල්පියෙක්.

2022 වසරේ ලන්ඩනයේ පැවති ‘Laurence Olivier Awards’ උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිගාගන්න ඔහු සමත් උනා. ඒ ඔහු රඟ පෑ ‘Life of Pi’ වේදිකා නාට්‍යයේ Pi ග් චරිතය නිරූපණය වෙනුවෙන්. මේ සම්මානය මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු රංගනය උදෙසා අන්තර්ජාතික තලයේ දිනාගත් විශිෂ්ටතම සම්මානයක් ලෙසයි සැලකෙන්නේ.

Lockdown one year on: Hiran Abeysekera on how Covid nixed his West End  debut | Theatre | The Guardian 

ඔහු ගැන අලුත්ම ආරංචිය තමයි ඔහුව ඉදිරියේදී එක්සත් රාජධානියේ ජාතික රඟ හලේදී (U.K's National Theatre’s Lyttelton Theatre) වේදිකාගත වන්නට නියමිත 'හැම්ලට්' නාට්‍ය නිෂ්පාදනයේ ‘හැම්ලට්’ ගේ චරිතය රඟ දක්වන්න තෝරාගෙන තිබෙනවා කියන එකයි.

මෙහි විශේෂත්වය තමයි මෙම චරිතය මීට පෙර මෙම වේදිකාවේ නිරූපණය කරලා තියෙන්නේ දැවැන්ත රංගන පෞර්ෂයන් වීම. ජාත්‍යන්තර සිනමාවේ හා වේදිකාවේ සිටින ප්‍රසිද්ධ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම මීට පෙර මෙම ‘හැම්ලට්’චරිතය රඟ දක්වා තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ මීට පෙර මෙම චරිතය නිරූපණය කළ ප්‍රසිද්ධ චරිත කිහිපයක නාමාවලිය. මේ සටහනේ ඔවුන් වේදිකාවේ හෝ සිනමාවේ ජනප්‍රිය උන චරිත වල නමුත් සඳහන් කරලා තියෙනවා.

Sir Ian McKellen (ගැන්ඩල්ෆ්) – 1971 & 2021, UK Tour & Theatre Royal Windsor

Alan Rickman (ස්නේප්) – 1992, Riverside Studios, London

Ralph Fiennes (වෝල්ඩර්මෝට්) – 1995, Almeida Theatre & Broadway

David Tennant (ඩොක්ටර් හූ) – 2008, Royal Shakespeare Company

Benedict Cumberbatch (ශර්ලොක්/ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්) – 2015, Barbican Theatre, London

Andrew Scott (මොරියාටි) – 2017, Almeida & West End

Tom Hiddleston (ලොකී) – 2017, RADA

May be an image of 7 people

 

ඉතින් ජාත්‍යන්තර රංගන ක්ෂේත්‍රයේ මේ විශිෂ්ටයන්ගේ මාවතට පිවිස සිටින හිරාන් අබේසේකරට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.

ඔහු රංගනයෙන් එක්වන ‘හැම්ලට්’ නව නාට්‍ය නිෂ්පාදනය වේදිකාගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ සැප්තැම්බර් මාසයේ 25 වනදා සිටයි.ඒ U.K's National Theatre’s Lyttelton Theatre හීදීයි.මෙය අධයක්ෂණය කරන්නේ Robert Hastie විසිනි.

Back to top
Go to bottom