මනස් දිවිසැරිය | Journey of the Mind 2025 (වෙසක් පහන් කලා අවකාශය) මෙවරත් පන්නිපිටිය, මහල්වරාව (බේකරිය අවකාශයේදී) පැවැත්වෙනවා.
මෙය 2025 මැයි 12 -17 දක්වා,
ප.ව 06.00 සිට පෙ.ව 03.00 දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතයි.
පහතින් දැක්වෙන්නේ මේ පිළිබඳව බේකරිය අවකාශය විසින් සිය මුහුණු පොතෙහි තබා තිබූ සටහනක්.
(උපුටා ගැනීම)
“මල් පෙති ඇලවෙන ලෝකයක්
මාස හයක දීර්ඝ මිනිස් කැපකිරීමක් ,
බුදුන්ට පුදකලා වූ මල් පරවෙන්නට පෙර එහි ස්වභාවික වර්ණයන් නොනැසී පවතින්නට කල තාක්ෂණික මල් පෙති ඇලවෙන ලෝකයක්...
යකඩයෙන් පෑස්සුම් වූ විශාල ප්‍රමාණයේ
මී වදයක සිට කුඩාම මී වදයන් දක්වා ගොඩනැගෙන මහා පහන් කූඩුවක්.
නිවීමේ ආලෝකයක්
යාන්ත්‍රික ලෝකයක්.....!!!
සංගීතය හා ශරීර භාශාවෙන් ඉදිරිපත් කරනා සකල කලාවන් අතුරේ මිනිසුන්.
සන්නිවේදනය නැටුමක්,
නර්තනය තොරතුරු හුවමාරුව වෙනුවෙන් මාධ්‍ය කරගත් එකම ජීවී කොට්ඨාසය වන්නෙ මී මැස්සෝම පමනකි.
නිර්මාණ කාර්යයේ යෙදෙන මේ මිනිසුන් හා
මී මැස්සොත් විවේකයක් ගැන හිතන්නේ නැහැ.
තද වෙහෙසක් දැනුනොත් විතරක්
මලක් උඩ තප්පර කිහිපයක්
ඇහැ පියවගන්නවා.
කොතරම් මහන්සි වුවත් මී මැස්සෙකු තම ජීවිත කාලය තුළදී මී පැණි නිර්මාණය කරන්නේ අවුංස කිහිපයක්
පමණයි.
මිනිස්සු සේම මී මැස්සොත් හීන දකිනවා.
පාරසරික ගැටලු පිළිබඳව කතිකාවක් සහිත සමාජයක මී මැස්සන්ගේ ලෝකයට සිදුවෙන
දෙය හා පෘථිවි ජීවය පිළිබඳව නව මානයක්
මෙම ස්තාපන වෙසක් කලා අවකාශය විසින් අර්ථ ලෝකය පිණිස දායාද කරයි..
මෙම නිර්මාණය බේකරිය කට්ටිය විසින්
සිදු කෙරෙන නව සාමුහික කලා අභ්‍යාසයයි.
(ඡායාරූප - (Bakeriye Kattiya' බේකරියෙ කට්ටිය facebook පිටුව ඇසුරිනි)
https://web.facebook.com/share/r/12H9FvjYyRT/
https://mirrorarts.lk/news/11009-2025-12#sigProIdcf8eaf7851