lan englan tam

පුවත්

සුමිත්‍රා පීරිස් ගේ 'ගැහැනු ළමයි' ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුමිත්‍රා පීරිස් විසින් 1978 දී අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය මෙවර,(2025) ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ දී තිරගත වීමට නියමිතව තිබෙනවා.

'ගැහැනු ළමයි' චිත්‍රපටය 1978 වසරේ ලන්ඩන් චිත්‍රපට උළෙලේදී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූවා. එමෙන්ම දේශීය මෙන්ම විදේශීය සම්මාන උළෙල කිහිපයකදීම ඇගයීමට ලක්වූ චිත්‍රපටයක් වනවා.

සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ඨ වූයේ ද 'ගැහැනු ළමයි' සිනමා නිර්මාණය තුළින් වන අතර ප්‍රවීණ නිළි වසන්ති චතුරාණිගේ ප්‍රථම සිනමා ආගමනය සිදු වූයේ ද මෙම චිත්‍රපටය හරහායි.

චිත්‍රපටය නිර්මාණයට පාදක වූයේ කරුණාසේන ජයලත්ගේ ප්‍රසිද්ධ නවකතාවක් වූ 'ගැහැනු ළමයි' නවකතාවයි.

මෙවර කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරෙන්නේ ‘ගැහැනු ළමයි’ සිනමා පටයේ යළි ප්‍රතිසංස්කරණය කරන ලද පිටපතයි.

35 mm මට්ටමෙන් තිරගත වූ මෙය 'චිත්‍රපට උරුමය සුරැකීමේ පදනම' (Film Heritage Foundation ) විසින් ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා.

මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇත්තේ චිත්‍රපට සුරැකිමේ පදනම / ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලය / ඉන්දියාවේ ප්‍රංශ ආයතනය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පුරෝගාමී ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන FISCH හි අනුග්‍රහයෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපටයේ සංරක්ෂණය කර ඇති හොඳම ඉතිරිව ඇති අංග භාවිතා කරමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව L’Immagine Ritrovata රසායනාගාරයේ චිත්‍රපට උරුම පදනම විසින් ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ චිත්‍රපට උරුමය සුරැකිමේ කාර්යයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වශයෙන් ද හැඳින්විය හැකියි.

එමෙන්ම ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් ලොව ප්‍රධානතම අන්තර්ජාතික සිනමා උළෙලක ප්‍රදර්ශනය වීම ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

2025 කෑන්ස් සිනමා උළෙල මැයි මස 13-24 වනදා දක්වා ප්‍රංශයේ Cannes හීදී  පැවැත් වීමට නියමිතයි.

 

May be a graphic of 3 people and text

 

Back to top
Go to bottom