මෙවර ඉන්දියාවේදී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ අනුදි ගුණසේකර බව ඔබ දැනටමත් දන්නවා ඇති.
ඇය ඊයේ දිනයේ (මැයි 07) 'Miss World' තරඟයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පිටත් වූවා.
එහිදී ඇය ඇතුළු ලෝක රූ රැජින තරඟයට සහභාගී වන අනෙක් රූමතියන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.
72 වන ලෝක රූ රැජින තරගාවලිය මැයි 7 වනදා සිට මැයි 31 වනදා දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද් හීදී පැවැත්වීමට නියමිතයි.
ඉතින්, මෙවර ලෝක රූ රැජින වේදිකාව නියෝජනය කරන අනුදිගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ ලංකාවට ලෝකය ඉදිරියේ කීර්තියක් අත්කර දීමයි.
ඒවගේම අනුදි සමාජ ක්‍රියාකරිනියක් විදිහටත් ඉටු කරන කාර්‍ය භාරයත් සුවිශේෂයි.
ඇය විසින් ආරම්භ කරන ලද (Saheli Foundation) පදනම මෙහිදී ප්‍රධාන වනවා.
'සහේලි' යනු ලාංකීය කාන්තාවන් විශේෂයෙන්ම ගැහැණු ළමුන් අතර ඇති ඔසප් දරිද්‍රතාවය (Period Poverty) නැතිකිරීම උදෙසා පිහිටවනු ලැබූ ලාභ අරමුණු කරනොගත් සංවිධානයක්.
ඔසප් සෞඛ්‍යය පිළිබඳව දැනුවත්භාවය වැඩිකිරීම, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයන් සඳහා ඇති ප්‍රවේශය වැඩිකිරීම, සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාග කිරීම වගේම මෙරට 50% ක් වන ඔසප් දරිද්‍රතාවය අවම කිරීමත් 'Saheli' සංවිධානයේ අරමුණ වනවා.
මෙවර 'Miss World' තරගයේ ඉදිරියට යාමට ඇය මෙම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඉටු කරන කාර්‍ය භාරය ද බෙහෙවින් වැදගත් වනු ඇති.
අනුදි ගැන තවත් විස්තර සඳහන් කරනවා නම් 2024 වසරේ 'Siyatha Miss Sri Lanka for Miss World' ලෙසින් අහිසෙස් ලැබූ අනුදිගේ උපන් ගම අනුරාධපුරයයි. අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඈ කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ගෞරව උපාධිධාරිණියක් ද වනවා.
ඉතින් ඉදිරියේදී පැවැත්වෙන තරග වට වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ලෝක රූ රැජිණ වේදිකාව මතදී ලක්මවට ගෞරවයක් ගෙනදෙන්න හැකියාව, ධෛර්යය Anudi ට ලැබෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා!
පහතින් දක්වා තිබෙන්නේ ඊයේ දිනයේ (07) 'Miss World'තරගටයට සහභාගී වීමට ඇය ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පිටත්ව ගිය අවස්ථාවේ සහ එහි පැවති පිළිගැනීමේ උත්සවයේ ඡායාරූප පෙළක්.
https://mirrorarts.lk/news/11006-miss-world#sigProId8bf749913b