lan englan tam

පුවත්

භයානක යක්ෂයන් සමග අවසන් සටන ගෙන එන 'The Conjuring: Last Rites' (trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 සැප්තැම්බර් 5 වන දින ලොව පුරා ප්රදර්ශනය ඇරඹීමට නියමිත The Conjuring සිනමා විශ්වයේ නවතම චිත්රපටය වන The Conjuring: Last Rites හි teaser trailer එක අද නිකුත් වුණා.

The Conjuring: Last Rites Yolda: İlk Fragman – Kayıp Rıhtım

Supernatural Horror ශානරයට නවමු අත්දැකීමක් එක්කරමින් එකට බැඳුණු චිත්රපට නවයක් ඉදිරිපත් කළ The Conjuring විශ්වයට මේ වනවිට Conjuring චිත්රපට තුනක්, Annabelle චිත්රපට තුනක්, The Nun චිත්රපට දෙකක් සහ The Curse of La Llorona ඇතුළත් වෙනවා.

සත්ය සිදුවීම් ඇසුරින් නිමැවුණු The Conjuring චිත්රපට ත්රිත්වය ලොව පුරා Supernatural Horror රසිකයන්ට බිහිසුණු සිනමා අත්දැකීමක් ලබාදෙන්නට සමත් වුණා. Teaser trailer යෙන් දක්නට ලැබෙන ආකාරයට නම් මේ සිව්වන The Conjuring දිගහැරුමත් මුල් චිත්රපට වලට නොදෙවෙනි ලෙස ප්රේක්ෂකයන් බියෙන් මුසපත් කිරීමට සමත් වන බවට අනාවැකි පළ කළ හැකියි.

Warner Brothers වෙතින් පිදෙන මෙම චිත්රපටය Michael Chaves ගේ අධ්යක්ෂණයක්. සුපුරුදු පරිදි Ed සහ Lorraine Warren ලෙස රංගනයෙන් දායක වන්නේ Patrick Wilson සහ Vera Farmiga යන විශිෂ්ට නළු නිළි දෙපළයි. මීට අමතරව ඔවුන්ගේ දියණිය වන Judy Warren ද (Mia Tomlinson) චිත්රපටයේ සැලකියයුතු වගකීමක් උසුලනවා.

මෙම චිත්රපටය The Conjuring චිත්රපට වල අවසානය බවටත්, Ed හෝ Lorraine දෙදෙනාගෙන් එක් අයෙක් මෙහිදී මියයාමට ඉඩ ඇති බවටත් මත පළ වෙනවා. Teaser Trailer එක නරඹන විටත් මෙම අදහස තහවුරු වන බව කිව යුතුයි.

ඉතින්, හොලිවුඩයේ සාර්ථකම Horror Franchise එක වන, මේ වන විට ඩොලර් බිලියන දෙකකට වඩා උපයා ඇති The Conjuring විශ්වයේ නවතම චිත්රපටය මොන තරම් බියකරු වේවිද කියා බලන්නට නම් සැප්තැම්බර් 5 වෙනතෙක් ඉවසන්නට වෙනවා.

පහතින් දක්වා ඇත්තේ The Conjuring: Last Rites හි  Teaser Trailer පටයයි.

කර්තෘ - ජාලිය රණවීර

(මූලාශ්‍රය - 'සිනමාවේදීන් -The cinema people ' facebook  පිටුව ඇසුරිනි)

Back to top
Go to bottom