ඔන්න, හෙළ සිනමාවේ නිළි රැජිනිය මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා යන තුන්දෙනාම රංගනයෙන් දායක වෙන, ඒ කියන්නේ ෆොන්සේකා පවුලේ පරම්පරා තුනක එකතුවෙන් හැඩවෙන චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. මෙය නම් කරලා තියෙන්නේ ‘මලකි දුවේ නුඹ’ යන නමින්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ "ප්‍රේමයනම්" සහ "රූකඩ පැංචි" වැනි අපූර්ව සිනමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරන් විසින්.
මේ වෙන කොට චිත්‍රපටයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා තිරගත කිරීමට සුදානමින් තමයි තියෙන්නේ.
ෆොන්සේකා පවුලේ පරම්පරා තුනක නියෝජනයට අමතරව මේ චිත්‍රපටයට ශ්‍යාම් ප්‍රනාන්දු , ධනංජය සිරිවර්ධන , ප්‍රදීපා ධර්මදාස ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
මේ චිත්‍රපටය වින්දන ආරියවංශගේ තිර රචනයක්.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලක්ෂ්මන් මාකඳුර සමගින් කුලරත්න ආරියවංශ.
ඉතින්, ළඟදීම ඔබට මේ චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබේවි.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක්.




