lan englan tam

විඩියෝ ගැලරිය

bat කරන්නැතුව match එක දිනන්නේ කොහොමද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනියක් තමයි යේශා ප්‍රනාන්දු කියන්නේ.

ඉතින්, යේෂා ‘mirror arts’ යූ ටියුබ් නාලිකාවත් එක්ක එකතු වෙලා කරන ‘peppermint’ වීඩියෝ මාලාව ගැන ඔබ දැනටමත් දන්නවා ඇති.

ඔන්න, එහි දෙවන episode එක නිකුත් කරලා තියනවා.

මේ video එකෙනුත් යේෂා අපේම ජීවිත දිහා බලන්න අලුත්ම ප්‍රවේශයක් විවර කරලා දෙනවා.

ජීවිතයේ ඇතැම්විට ඔබට හමුවිය හැකි ඔබව පීඩාවට පත් කරන පුද්ගලයන් එක්ක තමන්ගේ මානසික නිදහස නැති කර ගන්නේ නැතිව ඒවට face  කරන්නේ කොහොම ද? කියලා යේෂා මේ විඩියෝව මගින් හරි අපූරුවට පැහැදිලි කරනවා.

‘ඔයාගේ මේ සාර්ථකත්වයේ ආලෝකය සතුටු සිතින් බලාගෙන ඉන්න බැරි යම් පිරිසක් මේ ලෝකෙ ඉන්නවා. ඒක ඔයාට මට මේ ලෝකෙ හැමෝටම පොදු කාරණාවක්. ඉතින් අපි මොනවද කරන්නේ. අපි ගැටෙන්න යනවද ඒගොල්ලොත් එක්ක. එහෙම නැත්නම් එයාලා ඉන්න තැනටම අපිව පල්ලෙහාට ඇදලා දා ගන්නව ද?......

යේෂා මෙහි ඉදිරිපත් කරන සම්පුර්ණ අදහස් දැක්වීම ඔබට පහත ‘mirror arts’ video ව මගින් දැන් නරඹන්න පුළුවන්.

Back to top
Go to bottom