මෙවර ‘Mirror Arts’ සාකච්ඡාව සමග එක් වූයේ නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහ යි.
ඔහු මුළු රටම දන්න නර්තන නිර්මාණ ශිල්පියෙක් වගේම නර්තන ගුරුවරයෙක්. චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ නිර්මාණයක් නොදුටු නොවිඳි කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්.
‘Mirror Arts’ කතා බහේදි චන්දන වික්‍රමසිංහ බොහෝ දේ ගැන කතා කළා. නර්තනය පිළිබඳව හසල දැනුමක් ඇති ඔහු ඉදිරිපත් කළ අදහස් ඔබව නර්තන විෂය තුළ අපූර්ව චාරිකාවකට ගෙන යනු නොඅනුමානයි.
එසේම නර්තන ගුරුවරයෙක් ලෙස මෙන්ම නර්තන ශිල්පියෙක් ලෙසද ඔහු ලැබූ අත්දැකීම් කතා බහේදී ඔහු බෙදා හදා ගත්තා.
"චිත්‍රසේන, පණීභාරත සර්ලා වගේ කට්ටිය හරිම තාණ්ඩව style එකට නර්තනයේ යෙදුනා.
හැබැයි 77 විවෘත ආර්ථිකෙන් පස්සේ ලංකාවට ගොඩක් ආවේ ගැහැණු නැටුම්. නැටුම් කණ්ඩායම් වලත් ගොඩක් හිටියේ ගැහැණු ළමයි.
මේ කාලේ වෙනකොට ඉන්දියාවේ නැටුම් වැඩිපුර ලංකාවට එනවා.
කතක් නර්තනය, භරත නාට්‍යම් නර්ථනය, මේවා තුළ අධි ලාස්‍ය තියනවා. මේවා නටන කොට නැටුම් ශිල්පියා දැනගන්න ඕනෙ character එකයි dance එකයි අතර වෙනස.
ඔයා දන්නවද මට හොඳට ලාස්‍ය නටන්න පුළුවන්...."
"නැට්ටුවා තුළ හැකියාව තියෙන්න ඕනෙ හරිම ලාස්‍යට නටන්න. හැබැයි ඒ වගේම තාණ්ඩව.
ඉන්දියානු නර්තනයේ තමයි මේ ලාස්‍ය තාණ්ඩව කියන එක හොඳටම තියෙන්නේ.
ඒ නිසා නැට්ටුවා දැනගන්න ඕනෙ තමන්ගේ ශරීර ලක්ෂණය තුළ වැඩිපුර ස්ත්‍රී ලාලිත්‍ය එනවා නම් ඒක control කර ගන්න. එතකොට වැඩිපුර තාණ්ඩව නැටුම් එනවා නම් balance කර ගන්න..."
සංවාදයේදී චන්දන වික්‍රමසිංහ විසින් නර්තන කලාව පිලිබඳව සිය අදහස් ඉදිරිපත් කළා වගේම සිය ජීවිතයේ රස මුසු තැන් බෙදා හදා ගැනීමට ද අමතක කළේ නෑ.
ඉතින් මේ සම්පූර්ණ සංවාදය ඔබට දැන් 'mirror arts' යූ ටියුබ් නාලිකාව හරහා නරඹන්න පුළුවන්.
එම වීඩියෝව පහතින් දක්වා තිබෙනවා.
සංවාදය මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.