lan englan tam

විඩියෝ ගැලරිය

මම මගේ හීනය හොයාගන්නේ කොහොමද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනිය තමයි යේශා ප්‍රනාන්දු කියන්නේ


ඉතින්, යේශා ‘mirror arts’ යූ ටියුබ් නාලිකාවත් එක්ක එකතු වෙලා කරන ‘peppermint’ වීඩියෝ මාලාව ගැන ඔබ දැනටමත් දන්නවා ඇති.

මෙවර ‘peppermint’ 3 වන වීඩියෝව ඔස්සේත් යේශා ජීවිතය දිහා අලුත් විදිහට බලන්න තවත් අපූරු අදහස් ටිකක් එකතු කරනවා.

හැමදාම ගත කරන ඒකාකාරී ජීවිතය නිසා ඔබට හරිම මහන්සි ද? එහෙම නැත්නම් ඔබට හිතිලා තියනවද තව කෙනෙක්ගේ හීන වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතයේ හීන දිය කර හරිමින් ඉන්නවා කියලා.
එහෙමත් නැත්නම් මාසේ අන්තිමට හම්බවෙන කොළ ටිකක් වෙනුවෙන් ඔබේ ජීවිතය රූකඩයක් වගේ නැටවෙනවා කියලා ඔයාට හිතෙනව ද?

ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ. ඔබ දැන් ඉන්නේ පාර හොයාගන්න බැරි තරම් අපහැදිලි තැනක නම්, යේශා මේ video ව තුළින් මේ දිහා බලන්න අලුත්ම මාවතක් විවර කරලා දෙනවා.

පහතින් දක්වලා තියෙන්නේ යේශා ඉදිරිපත් කරන මේ තුන් වෙනි peppermint video එක. ඔයාටත් පුළුවන් දැන් මේ video එකත් එක්ක එකතු වෙන්න.

Back to top
Go to bottom