උමාරා සිංහවංශ සහ චිත්‍රාල් සෝමපාල යන ගායන වේදීන් ගායනා කරන ‘මලකුත් තිබුණා’ ගීතයට මේ අපූරු cover song එක නිර්මාණය කරලා තියෙන්නේ සාරා පීරිස්.
සාරා පීරිස් කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් ගේ මිනිපිරියයි.
සාරා යුරෝපීය රටක උපත ලැබුවත් ඇය ඉතා ඉතා අපූරුවට මේ ගීතය ගායනා කරන ආකාරය දැක ගන්න පුළුවන්.
මේ ගැන ඇගේ මව වන සුභාෂිණී පල්ලෙවත්ත සිය මුහුණු පොතේ ආදරණීය සටහනක් ද තබා තිබුණා. ඒ මේ අයුරින්,
ආදරණීය දියණිය සාරා...යුරෝපීය රටක උපත ලැබුවත්... ඉතා කුඩාකල සිටම සිංහල ගීත ශ්‍රවණය කිරීමට සැලැස්වීම නිසා සංගීත පරපුරක තෙවන පුරැක ලෙස අද ඔබ සිංහල ගීත කලාවට දැඩිලෙස දක්වන ආදරය දැකීමට ලැබීම ඔබගේ දෙමාපියන් ලෙස තාත්තාගේත් මගෙත් සිතට දැනෙන සතුට කියා නිම කල නොහැක...ආදරෙයි දෝණි.
ඒ වගේම මේ ගීතය ගැන සාරා තබා තිබුණේ මෙවැනි සටහනක්.
ප්‍රේමයේ හැඟීම තවමත් මා හට නොදැනී තිබුණත්, මෙම ගීතයේ ගායනයේ හැඟීම සහ තනුවේ තිබූ සංවේදී බවම, මෙම ගීතයට මා මෙතරම් ඇළුම් කිරීමට හේතු කාරණා වූවා.
මා හට දැණුනු ඵ් රසය ඔබ සැම සමග මෙලෙස බෙදාගැනීමට ගත් උත්සාහය සාර්ථක වූවා දැයි ඔබම අත්දකින ලෙස මම මෙසේ ආරාධනා කරමි... මෙම ගීතය ස්වර මාලාවෙන් හැඩකල අරැණ ගුණවර්ධන සංගීත වේදියාණන්ටත් සරල සහ සිතට කාවදින පදමාලාවක් රචනා කල ධනුෂ්ක ප්‍රනාන්දු ගේය පද රචකයාණන්ටත් ස්තූති පූර්වකවෙමි.
තම හඬ මනාලෙස මෙම ගිතය ඵකතු කල උමාරා සිංහවංශ සහ චිත්‍රාල් සෝමපාල ගායන වේදීන්ටත් ස්තූතිවන්ත වෙමි!!!
පහතින් දක්වා තිබෙන්නේ සාරා ගායනා කරන ‘මලකුත් තිබුණා’ cover song එකයි.