"එයාට නම් මම තරම් හොඳ කෙනෙක් ආයේ ජීවිතේට හම්බවෙන එකක් නෑ."
ඔය වාක්‍ය මමත් ඇතුළුව අපි ගොඩක් දෙනෙක් කියලා තියෙන වාක්‍යක්.
මේක අපිව කෙනෙක් ප්‍රතික්ෂේප කළාට පස්සේ නැත්නම් කෙනෙක්ගේ වෙන්වීමකදී අපේ කටින් පිටවෙන මේ වාක්‍ය අහගෙන ඉන්න ටිකක් පරිනත මනුස්සයෙක්ගේ නම් කට කොනට පොඩි හිනාවක් එන අපි ගැනම පොඩි අනුකම්පාවක් දැනෙන ටිකක් සිල්ලර වාක්‍යක්.
මේ කතා කරන්නේ යේශා.
පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනිය තමයි යේශා ප්‍රනාන්දු කියන්නේ
ඉතින්, යේශා ‘mirror arts’ යූ ටියුබ් නාලිකාවත් එක්ක එකතු වෙලා කරන ‘peppermint’ වීඩියෝ මාලාව ගැන ඔබ දැනටමත් දන්නවා ඇති.
ඔන්න ‘peppermint’ 4 වන වීඩියෝ එක දැන් නිකුත් කරලා තියනවා.
මේ වීඩියෝව මගිනුත් යේශා අපේ ජීවිතයේ ඇතුලාන්තය දෙස බලන්න ඒ ගැන අපිටම ආපහු හිතලා බලන්න එකතු කරන්නේ අලුත්ම අදහස් ටිකක්.
ජීවිතයේ ප්‍රතික්ෂේප වීම් පරාජය වීම් වලදී ඒ දිහා අවබෝධයෙන් බලලා ආපහු ජයග්‍රාහී මාවතට එන්නේ කොහොමද කියලා යේෂා පැහැදිලි කරන්නේ තමන්ගේ ජීවන අත්දැකීමුත් එකතු කරමින්.
පහතින් දක්වලා තියෙන්නේ යේශා ඉදිරිපත් කරන මේ හතර වෙනි peppermint video එක. ඔයාටත් පුළුවන් දැන් මේ video එකත් එක්ක එකතු වෙන්න.
මෙහි කලින් වැඩසටහන් වලටත් ඔබට Mirror Arts යූ ටියුබ් නාලිකාවෙන් එකතු වෙන්නෙ පුළුවන්.