lan englan tam

C Chatඑක

“නෙළුම් කුළුණ මෙච්චර reach වෙයි කියලා මම හිතුවේ නෑ” - ඉලංගෝ රාම්‍

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් වූයේ  චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රාම්‍ ය.

මේ දිනවල අතිශය ජනප්‍රිය ‘නෙළුම් කුළුණ’චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි.

ඒ වගේම ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයේ දමිළ ප්‍රතිනිර්මාණය වන ‘perusu’ චිත්‍රපටයත් බෙහෙවින් ජනප්‍රියත්වයට පත්උනා. ඒ වගේම මෙම චිත්‍රපටය ඉදිරියේදී ලෝකයේ තවත් රටවල් ගණනාවකම ප්‍රති නිර්මාණය වෙන්නත් නියමිතයි.

ඉතින් කතාබහේදී ඉලංගෝ විසින් ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය නිර්මාණය කරන්න පසුබිම් වෙච්ච කාරණා වගේම එහි රස මුසු අත්දැකීම් බෙදා හදා ගන්න අමතක කළේ නෑ.

ඒ වගේම සිනමා ක්ෂේත්‍රය ගැනත් ඔහු බොහොම විවෘතව අදහස් බෙදා හදා ගත්තා.

ඔහු සහභාගී වූ සම්පූර්ණ සාකච්ඡාව එළඹෙන සෙනසුරාදා (10) ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නිකුත් කරනවා.

පහතින් දක්වලා තියෙන්නේ සාකච්ඡාවේ පූර්ව ප්‍රචාරක පටයයි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසිනි.

Back to top
Go to bottom