මෙවර ‘Mirror Arts’ කතාබහ සමග එක් වූයේ ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරායි.
‘තහනම් දැන්’, ‘හෙමින් සැරේ ඇවිත් ඔයා’, ‘සාරිතා’, ‘හදවත ගැහෙනා’... වැනි ගීත ඔබට මතක නම් ඔහුව අමතක වන්නට විදිහක් නෑ.
ආදරය ගැන මෙන්ම ආදරයේ විරහව ගැන ද ගී ගයන මේ ගායකයාගේ ගීත වලට රසිකයන් තුළ ඇත්තේ ඉහල ඉල්ලුමක්.
ඒ වගේම ගායයෙක් විදිහට වගේම ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගී පද රචකයෙක්, නිරූපණ ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.
ඉතින්, ‘Mirror Arts’ කතා බහේදී විරාජ් පෙරේරා සංගීත ක්ෂේත්‍රයේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට අමතක කළේ නෑ.
විරාජ් පෙරේරා - “මම හැම fanbase එකකටම සිංදු කියන ගායකයෙක්. කොළඹ crowd එකට කියන්න පුළුවන් සිංදුත් තියනවා, අනුරාධපුරේ crowd එකට කියන්න පුළුවන් සිංදුත් තියනවා, මම කොහොමද බෙදන්නේ මම මේ කට්ටියට විතරයි කියලා. මම මේ ලෝකෙ හැම මනුස්සයෙක්ගේම හිතට සිංදු කියන්නේ....’’
ඒ වගේම සිය ජීවිතයේ සොදුරු මෙන්ම දුෂ්කර කාල පරිච්ඡේදයන් ගැන ද ඔහු විවෘතව අදහස් බෙදා හදා ගත්තා.
Mirror Arts - ප්‍රේමය ගැන ඔයාට තියන හැගීම මොන වගේද?
විරාජ් පෙරේරා - “මම දවසක් ප්‍රේමය ගැන පොතක් අරන් ලිවුවා. මගෙ හිතට ආපු දේ තමා සමහර වෙලාවට ප්‍රේමය ආත්මාර්ථකාමී වෙනවා. ඒ ප්‍රේමයත් හරි බලවත්. සමහරක් ප්‍රේම ආත්මාර්ථකාමී නෑ. හැබැයි ඒ ප්‍රේමයත් හරි බලවත්.
මම බැලුවා මම මේ දෙකෙන් මොන එකේද ඉන්නේ කියලා. මම තේරුම් ගත්ත දෙයක් තමයි ආත්මාර්ථකාමී නොවන ප්‍රේමය තුළ මම හිටියානම් මගෙත් එක්ක ඉන්න කෙනා සතුටින් කියලා...”
මෙහි සම්පූර්ණ සාකච්ඡාව සමග ඔබට දැන් ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා නැරඹිය හැකියි. එම වීඩියෝව පහතින් දක්වා තිබෙනවා.
සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ මනෝහාරි හේවාවසම් විසිනි.