මෙවර ‘Mirror Arts’ කතාබහ සමග එක් වූයේ ජනප්රිය ගායන ශිල්පී විරාජ් පෙරේරායි.
‘තහනම් දැන්’, ‘හෙමින් සැරේ ඇවිත් ඔයා’, ‘සාරිතා’, ‘හදවත ගැහෙනා’... වැනි ගීත ඔබට මතක නම් ඔහුව අමතක වන්නට විදිහක් නෑ.
ආදරය ගැන මෙන්ම ආදරයේ විරහව ගැනද ගී ගයන මේ ගායකයාගේ ගීත වලට රසිකයන් තුළ ඇත්තේ ඉහල ඉල්ලුමක්.
ඉතින්, ‘Mirror Arts’ කතා බහේදී විරාජ් පෙරේරා සංගීත ක්ෂේත්රයේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට එක් වූවා.
ඒ වගේම සිය ජීවිතයේ සොදුරු මෙන්ම දුෂ්කර කාල පරිච්ඡේදයන් ගැන ද ඔහු විවෘතව අදහස් බෙදා හදා ගත්තා.
විරාජ් පෙරේරා සමග පැවති සම්පූර්ණ සාකච්ඡාව එළඹෙන සෙනසුරාදා (03), ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා නිකුත් කිරීමට නියමිතයි.
පහතින් දැක්වෙන්නේ එහි පූර්ව ප්රචාරක පටයයි.
සංවාදය මෙහෙය වූයේ මනෝහාරි හේවාවසම් විසිනි.