මෙවර ‘Mirror Arts’ සාකච්ඡාව සමග එක් වූයේ නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහ යි.
ඔහු මුළු රටම දන්න නර්තන නිර්මාණ ශිල්පියෙක් වගේම නර්තන ගුරුවරයෙක්. චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ නිර්මාණයක් නොදුටු නොවිඳි කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්.
ලංකාවේ බොහෝ ජාතික උත්සව වගේම සම්මාන උළෙල වැනි බොහෝ අවස්ථාත් ඔහුගේ නර්තන නිර්මාණයෙන් වර්ණවත් වෙනවා.
ඉතින්, ‘Mirror Arts’ කතා බහේදි චන්දන වික්‍රමසිංහ මේ බොහෝ දේ ගැන කතා කළා.
ඔහුත් සමඟ කරපු සම්පූර්ණ සාකච්ඡාව මේ සෙනසුරාදා (26) සවස ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව මගින් නිකුත් කරනවා.
එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් දක්වා තිබෙනවා.
සංවාදය මෙහෙය වූයේ මනෝහාරි හේවාවසම් විසින්.