lan englan tam

C Chatඑක

‘මම හරියටම දන්නේ නෑ මම කවුද කියලා’ Aisharah Athukorala

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘Mirror Arts’ සාකච්ඡාව සමග එක් වූයේ අයිශාරා අතුකෝරල යි.

ඇය මේ දින වල ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරන ‘අයිස් ක්‍රීම්’ චිත්‍රපටයේ ඇය රංගනයෙන් දායක වූ ප්‍රධාන චරිතයත් සමගයි.


එසේම මීට පෙර ඇය රංගනයෙන් එක්වූ ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘පැණි මකුළුවෝ’ චිත්‍රපටය හරහාත් ඇයව බොහෝ ප්‍රේක්ෂක අවධානයට ලක් වූවා.


අයිශාරා සිනමා නිරමාණ හරහා මෙන්ම වේදිකා නාට්‍ය නිර්මාණ සඳහා ද තම දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම ඇය දක්ශ නිරූපණ ශිල්පිනියක් ද වනවා.


මෙම සාකච්ඡාවේදී ඇය රංගන ශිල්පිනියක් ලෙස ඇයගේ අත්දැකීම් මෙන්ම තම ජීවන අත්දැකීම් බෙදා හදා ගැනීමට ද අමතක කරේ නෑ.
මේ සාකච්ඡාවේදී ඇය දැක්වූ අදහස් කිහිපයක්,


Mirror Arts – “ඔයා ඔයාගේ ඇතුලෙන් ඇහුවොත් ඔයා කවුද කියලා, ඔයාට ලැබෙන උත්තරේ මොන වගේ වෙයිද?”
අයිශාරා - “මම හිතන්නේ මම හරියටම දන්නේ නෑ මම කවුද කියලා, මම තාමත් හොයනවා. මම හිතනවා මම Traditional කියලා පොඩ්ඩක්.. පේනවට වඩා old school. හැබැයි සරලයි සහ open.”
Mirror Arts – “ඔයා නිදහස් මනුස්සයෙක් ද? නැත්නම් ඔයා රාමුවක් ඇතුලෙ ද ඉන්නේ.”
අයිශාරා - “මම හිතනවා මම නිදහස් වෙන්න පුළුවන් තරම් නිදහස් කියලා. නමුත් අපි කොච්චර නිදහස් කියලා කිවුවත් අපි නොදන්නා subconscious රාමුවක අපි ඉන්නවා කියලා මම හිතනවා.


මෙම සම්පූර්ණ සාකච්ඡාව ඔබට දැන් ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා නැරඹිය හැකියි.


සාකච්ඡාව මෙහෙයවූයේ : මනෝහාරී හේවාවසම්

Back to top
Go to bottom