ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යෙදෙන අප්‍රේල් 30 වනදා සිට, ඇගේ සිනමා දිවියට කෙරෙන ගෞරවයක් ලෙස ‘ආකාස කුසුම්’ චිත්‍රපටය (4K සහ 5.1 නාද රටා සමඟ) යලි තිරගත වීමට නියමිතයි.
පහතින් දක්වා තිබෙන්නේ චිත්‍රපටය යළි තිරගත වන සිනමා ශාලාවන්ය.
.PVR - One Galle Face
Scope - Colombo City Centre
Liberty By Scope - Colpetty
Amity Lite - Maharagama
MaxX Lite - Moratuwa
New Imperial Cinema - Kurunegala
Milano Cinema - Kegalle
Regal Cinema - Gampaha
‘ආකාස කුසුම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රසන්න විතානගේ විසිනි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘සන්ද්‍යා රාණි’ ගේ චරිතයට පණපොවමින් දැක්වූ රංඟනය වෙනුවෙන් මාලනී ෆොන්සේකා හට 2008 වර්ෂයේ ඉන්දියානු ජාත්‍යන්තර සම්මාන උළෙලේදී (IFFI) හොඳම නිළියට හිමි සම්මානය හිමි වූවා. එමෙන්ම ආකාස කුසුම් චිත්‍රපටය ද දෙස් විදෙස් සම්මාන උළෙලවල් ගණනාවකම ඇගයීමට පාත්‍ර වූවා.
මෙම චිත්‍රපටය එච්.ඩී ප්‍රේමසිරි, A. ශ්‍රීකර් ප්‍රසාද්,ප්‍රසන්න විතානගේ සම නිෂ්පාදනයක් වූ අතර M.D. මහින්දපාලගේ කැමරා අධ්‍යක්ෂණයක්.
2025 වසරට මෙම චිත්‍රපටය නිර්මාණය වී වසර 17 ක් සම්පූර්ණ වීමද විශේෂත්වයකි.