කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.
මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.
මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඔහුගේ ගීත අතරින් "තණ නිල්ල දිගේ", "නියරේ පිය නඟලා", සුරූපී වීරුපී", "හඬවලා සිතක් හඬවලා", "පිණිබර සීත යාමේ" , "දෙව්ලොව දෙවියනේ", "වියෝලේ මාගේ" "අයිරින් ජොසපින්", සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගීතයන්ය.
1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියැළෙමින් ඊට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති වරයාද වෙනවා.