lan englan tam

පුවත්

එම්.සෆීර් ගේ ‘ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත’ වේදිකා නාට්‍යය පිටපත එළිදැක්වීම (28)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාට්‍යවේදී එම්. සෆීර් විසින්  අධ්‍යක්ෂණය කළ "ඈන් ෆ්‍රෑන්ක් " නාට්‍ය නිර්මාණයේ මුද්‍රිත කෘතිය, අප්‍රේල් මස 28 වැනිදා, සවස 4.00ට, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී එළි දැක්වෙනවා.

මෙදින මෙම කෘතිය සහ "ඈන් ෆ්‍රැන්ක් දින පොත ගැන කතාබහ කිරීමට ප්‍රවීණ පරිවර්තක චුලානන්ද සමරනායක, පීටර් හේමප්‍රිය බොතේජු පියතුමා, රංගවේදී ජයනාත් බණ්ඩාර, ලේඛිකා තරු රසි ප්‍රනාන්දු යන අය එක්වීමට නියමිතයි.

ඈන් ෆ්‍රැන්ක් වේදිකා නාට්‍යය 2020 රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන කිහිපයකින් ඇගැයුම් ලද අතර, එහි ඉංග්‍රිසි භාෂා නිෂ්පාදනයත් එම වසරේම එම්. සෆීර් විසින් අධ්‍යක්ෂණය කර ඇත. මෙම කෘතිය "වමට දකුණට ළමා පොත් එකතුවේ " පොතක් ලෙස ග්‍රැෆිකෙයා ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි. සංවිධානය ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනයෙනි.

"වෙනස් කොට සැලකීම තුළ පීඩිතභාවයට පත් වන මනුෂ්‍යත්වය"

"වේදිකාව මත ප්‍රතිනිර්මාණය වන ඈන් සහ පවුලේ භූමිකා"

"යහපත් සමාජ වෙනසක් සඳහා යුද කේන්ද්‍රීය සාහිත්‍යය"

"ඈන් යෞවනිය අද යෞවනයට එල්ල කරන ආලෝක ධාරා"

වැනි කරුණු රැසක් පිළිබඳව කතා කරන්නට මෙය අනගි අවස්ථාවක් වේවි.

ඔබ සැමට සුහද ආරාධනා !

Back to top
Go to bottom