lan englan tam

රුෂ්ඩි ගැන ලැකාන්ගේ කියැවීම - Lacanian Eye on Salman Rushdie

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ ම වෙසෙන සාහිත්‍ය කලා විචාරකයා යනු ද නිර්මාණකරණයේ ම යෙදෙන පුද්ගලයෙකි.

ඔහු හෝ ඇය බොහෝ විට සාහිත්‍ය කලාවෙහි නියැළෙන පුද්ගලයන්ට වඩා ලෝකය පිළිබඳ පුළුල් දැනුමැති පුද්ගලයෙක් විය යුතු ය; කිසියම් සාහිත්‍ය කලා නිර්මාණයක් පාඨකයා සමග සම්මුඛ කළ හැකි වන්නේ එවිට ය.

ලෝකයේ වෙසෙන සාහිත්‍ය, කලා මතු නොව දේශපාලනික, මනෝවිශ්ලේෂණික සහ දාර්ශනික පාර්ශවයෙන් ද වෙසෙස් පුද්ගලයෙක් ලෙස ප්‍රංශ ජැක්විස් මරී එමිල් ලකාන් හෙවත් ජැක් ලකාන් හැඳින්විය හැකි ය.

අනෙක් පසින් ගත් විට සල්මන් රෂ්ඩි යනු ලෝකයේ වෙසෙන වෙසෙස් ගණයේ ලේඛකයෙකි. හෙතෙම, සිය ලේඛනය හේතුවෙන් ම මරණ වරෙන්තුව හිස මත තබාගෙන සිටින ලේඛකයෙකි. එය කෙතරම් දරුණු ද යත් ඉස්ලාම් මූලධර්මවාදීහු ඔහුගේ හිසට ලංසු තබා ඇත.

මා මේ පැවසීමට සුදානම් වන්නේ රෂ්ඩි නමැති විශිෂ්ට ලේඛකයා පිළිබඳ ලකාන් නමැති විශිෂ්ට විචාරකයාගේ කියැවීම පිළිබඳ රචනා වූ කෘතියක් පිළිබඳව ය; කෘතිය ලියු ලේඛිකාව අදාළ කෘතිය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව ය.

මෙම කෘතිය නම් කර තිබෙන්නේ ‘‘Lacanian Eye on Salman Rushdie’’ යනුවෙනි; කෘතිය රචනා කර තිබෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ ය.

මතු පළවන විඩියෝවෙහි අන්තර්ගත වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ ‘‘Lacanian Eye on Salman Rushdie’’ කෘතිය පිළිබඳ කළ සංවාදය යි.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom