හුම්මානය, ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද දක්ෂිණ මුහුදු වෙරලේ පිහිටි ඉතා අපුරු නිර්මාණයකි. මෙම ස්ථානය දකුණේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි.
මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කණුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් වෙරල තීරයට පිවිසිමට ප්රධාන මාර්ගයෙන් හැරී කි.මි1.5 පමණ දුර ගෙවා ගිය පසු, කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කඳු ගැටයක් මත මෙම අපුරු ජල මල පිහිටා ඇත. මුහුදු රැල්ලේ පීඩනයත් සමග ජලය විහිදී යාමට පෙර එක දිගට “හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බව ජන වහරේ සඳහන් වේ. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.
https://casite-737679.cloudaccess.net/life/tours/1653-2017-08-08-11-06-03#sigProId45dc2072b1