නිහඬ පරිනාමනය
The Silent Evolution
එය මානව කෞතුගාරයකි. ජිවිතයේ විවිධ වයස්වල සීමාවන් සළකුණු කරන ස්ත්‍රී සහ පුරුෂ මානවයන් 500 දෙනකුගේ එකතුවකි. ඔවුහු සිය ජීවිතයේ යම් නිමේෂයක් මුර්තිමත් කරති. එහෙත් ඔබට මට එය ගොඩබිම සිට නැරඹිය නොහැක. එය ඇත්තේ මහමුහුදේය. මෙක්සිකානුවෝ එකී මිනිස් මුර්ති කණ්ඩායම හදුන්වන්නේ නිහඩ විකාශනය එසේත් නැත්නම් නිහඩ පරිනාමනය යනුවෙනි. ඒවා නැරඹිමට ඔබට කිමිදුම් ඇදුම් ඇගලා මහ මුහුදට කිදා බැසිය යුතුවේ. ඔබ එයට බිය හෝ අකමැති නම් පතුලේ විනිවිද දැකිය හැකි වීදුරුවක් සහිත මුහුදු යාත්‍රාවකින් එය නැරඹිය හැක. මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ජේසන් ඩේකෙයාර්ස් ටේලර් ගේ නිර්මාණයකි. ඔහුට මෙක්සිකානු කලාකරුවන් 4 දෙනෙකු සහය වී ඇත.
මෙම මුර්තීන් මහ මුහුදේ ස්ථාපනය කරන ලද්දේ මැක්සිකානු බලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. මැක්සිකෝවේ සංචාරක පරාදීසයක් බදු Cancún වෙරළ බඩ නගරයට නුදුරින් ඇති Manchones කොරල් පරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ ප්‍රතිමා සමූහය මීටර් 450 ක විෂ්කම්භයක අතුරා ඇත. ඉන් බලාපොරොත්තු වන්නේ කොරල් පරයේ වර්ධනීය බවට හා සහයෝගයට මෙම මුර්ති උදව් කරනු ඇති බවයි. කාලයාගේ ඇවෑමෙන් මෙහි පෙද පාසි බැදී එකිනෙක සාගර පැලෑටි හා ඇල්ගී විලින් බැදී වැසී අනතුරුව මුහුදු ජීවිහු ඒවා සිය වාසස්ථාන බවට පෙරලා ගනු ඇත. මෙම ප්‍රතිමා සමුහය ස්ථාපනය කලේ 2009 වර්ශයේය. මේ වනවිට මැක්සිකානු පරිසර අමාත්‍යංශය බලාසිටි මුහුදු ශාඛ ඒ පිළිරූ වසා කෙමෙන් පැතිර යමින් පවතී.
සංචාරකයන් හට Cancun' නගරය වඩා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත්කර ඇත්තේ මෙම නිහඩ පරිනාමනයයි.
උපාලි ජයසිංහ
https://casite-737679.cloudaccess.net/life/tours/5094-se-190415#sigProId3ea7863e18