කිල්මිශා යශිසායි තවමත් යාපනයේ චුණ්ඩිකුලි කාන්තා පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
ඇය සිය 15 වන උපන්දිනය සමරන විට ඉන්දියාවේ සරිගමප ළමා ගායන වැඩසටහනේ ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික කලාකාරිනිය බවට පත් වී සිටින්නීය.
අද (11) ඇය සිය 15 වන උපන්දිනය සමරන්නීය.
ඇගේ ගායන කෞශල්‍යය හේතුවෙන් ඉන්දියාවේ ඉල්ලුමක් ඇති හඬක් බවට කිල්මිශා පත් කර තිබෙන නමුත්, සරිගමප තරඟයෙන් අනතුරුව ඇය මේ වන විට සිය අධ්‍යාපනයට වැඩි කාලයක් යෙදවීමට පියවර ගෙන සිටින්නීය.
කුඩා වයසේදීම ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයක් වෙත ගෙන ගිය ළමා කලාකාරිනිය කිල්මිෂාට සුබ උපන්දිනයක් වේවා!