lan englan tam

පුවත්

දේව්දාස්ට පස්සේ ආ බේබද්දාගේ උපන්දිනය!!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
බොලිවුඩ් සිනමාව ඇතුළෙ "බේබද්දා" කියන චරිතය ගැන හොයල බැලුවොත් අපිට අනිවාරෙන්ම මතක් වෙන දෙන්නෙක් ඉන්නව...........
එක්කෙනෙක්, දේව්දාස් මුකර්ජි 🍻
අනිකා, RJ නැත්නම් රාහුල් ජෙයිකර් 🍻

ඉතින් අපි හැමෝම දන්නව මේ දෙන්න එසේ මෙසේ බේබද්දො නෙවෙයි කියල......එක්කෙනෙක් ලව් කේස් එකක් නිසා කරටි කැඩෙන්නම ගහලා වෙරි පිටින්ම මිය යනවා, ඒ දේව්දාස්.....

අනිකා තමයි අපේ කතා නායකයා ! මිනිහා නම් නිරපරාදෙ විනාස උනා කියන්න පුලුවන්, තමන්ගෙ සාර්තක සංගීත ජීවිතය බීම නිසා නැති කරගත්තා......."ආශිකි 2" නැත්නම් සිංහලෙන් කිව්වොත් "උමතුව" චිත්රපටියේ ඉන්න මේ බේබද්දා ඇත්තටම තමන්ගෙ ගෑනු ළමයටත් වඩා උමතු වෙලා හිටියෙ "බෝතලේට".......
ඉතින් චිත්රපටයේදී මේ බේබද්දා ඛේදජනක විදියට මිය ගියත් සැබෑ ජීවිතයේ නලුවාට අද සුවිශේෂී දවසක්, ආදිත්ය රෝයි කපූර්ගේ 39 වන උපන්දිනය අදට තමයි යෙදිල තියෙන්නෙ.
රිතික් රොෂන්ගේ "ගුසාරිෂ්" චිත්රපටයේ සාර්ථක සහය නලු චරිතයකට පණ පෙවුව ආදිත්ය අවුරුදු 3 කට පස්සෙ "ආශිකි 2" චිත්රපටය හරහා එක රැයින් ජනප්රිය උනා ! චිත්රපටයේ ආදිත්ය පණ පොවපු රාහුල් ජෙයිකර් චරිතය ප්රේක්ෂකයන්ගේ හදවත් තුළ අදටත් නොමැකෙන චරිතයක්, අපේ භාෂාවෙන් කිව්වොත් බොක්කටම වැදුන චරිතයක්.......බේබදු රාහුල්ගෙ කෝපාවිෂ්ඨ,ආවේගශීලී අවස්තා සහ ජීවිතේ කලකිරුණු, දුක හිතෙන අවස්තා වලත් රඟපෑමකට එහා ගියපු ස්වාභාවික බවක් අපි හැමෝටම දකින්න ලැබුණා, ඒ තමයි ඔහුගේ රංගන හැකියාව ❤️ ඒ වගේම අරිජිත් සිං ගේ කටහඬට වඩාත්ම ගැළපුන නලුවා විදියට මන් දකින්නෙත් මේ බේබද්දා !
තරු ගුණය උපරිමයෙන් තිබිලත් මේ වගේ නලුවෙකුට සාර්තකත්වය කියන දේ දිගටම තියාගන්න බැරිවුන එකට නම් අදටත් අවුල් 😢💔
යේ ජවානී හේ දීවානී
ඕකේ ජානු
මලාන්ග්
ගුම්රාහ්
කලන්ක්
ආදිත්ය රංගනයෙන් දායක වුනු තවත් චිත්රපට කීපයක්.
ඉතින් සුබම සුබ උපන්දිනයක් වේවා ආදි 🎂 ඉදිරියේදී එන්න තියන ෆිල්ම් එකත් සාර්ථක වේවා !
 

සසිඳු හශාන් - Indian Cinema Fan Club

Back to top
Go to bottom