ශ්රී ලාංකේය සිනමාවේ මේ දක්වා ජනප්රියතම සුපිරි තාරකාව යන විරුදාවලි ලබන රංගධර සහ ගායන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ නායකත්වයෙන් යුතුව ආරම්භ කරන ලද ශ්රී ලංකා මහජන පක්ෂය අලුතින් පත් කෙරුණු ආණ්ඩුව ජාතික ජන බලවේගයට සිය සුභාශිංසන පළ කරයි.
ශ්රී ලංකා මහජන පක්ෂය යනු විජය කුමරතුංගයන් ඝාතනයට ලක් වූ පසුවද පසුගිය පාර්ලිමේන්තුවේ අසුනක් හිමි කරගෙන විජයගේ භූමිකාවට අදාළව දේශපාලනය කරමින් කලා කටයුතු සඳහා අනුග්රහය දක්වන දේශපාලන පක්ෂයක් වේ.
ප්රතිපත්තමය කාරණා ගැලපෙන්නේ නම් එවන් අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයට සහාය දීමට සිය පක්ෂය කටයුතු කරන බවත් විජය කුමාරතුංගයන් දේශපාලනයේ නියැලුණ සමයේදී අපේක්ෂා කළ දේශපාලන අරමුණු තහවුරු කිරීමේ ලා ආණ්ඩුව ක්රියාත්මක විය යුතු බවත් එම පක්ෂයේ නායක සහ ප්රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අසංක නවරත්න නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
ජනතාව උදෙසා විපක්ෂයේ කාර්යභාරය වෙනුවෙන්ද අවැසි විට පෙනී සිටින බවට හිටපු මන්ත්රීවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා තිබේ.