lan englan tam

පුවත්

අමාත්‍ය පදවියට සංස්කෘතික මිනිසෙක්; හිනිඳුම සුනිල් සෙනෙවි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි අද (18) දිනයේ බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ සුනිල් සෙනෙවි යනු මහාචාර්ය පදවියක් දැරුවද සිය පදවියේ ප්‍රවීණත්වය පෙන්වීමට උත්සාහ නොකළ මෙන්ම තමන් දැරූ දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටිමින් සිය සංස්කෘතික මිනිසා අමතක නොකළ මිනිසකු වීමයි. ඇතැම් පුවත්පත්වල හිනිඳුම සුනිල් සෙනෙවි නමින් කවි ලියා පළ කළ ඔහු කලා - සංස්කෘතික මිනිසුන් ඇසුරේ සජීවීව හිඳිමින් එහි ඇති වටිනාකම් සමග ජීවත් වීමට උත්සාහ දැරූ මිනිසෙකු වීමයි.
එවන් අයකු අද දිනයේ නව රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් තේරී පත් වීම බොහෝ දෙනා සතුටින් බාර ගනු බොහෝ දක්නට ලැබිණි.

කලා සංස්කෘතිය සහ ආගමික කටයුතු ඇසුරේ නිසි සංස්කෘතියක් ගොඩනැගීමට ඔහු විසින් කටයුතු කෙරෙනු ඇතැයි අපිද බලාපොරොත්තු තබමු!

Back to top
Go to bottom