ජනප්‍රිය 'පාට කුරුල්ලෝ' ටෙලිනාට්‍යයට සිය කුසලතා පූර්ණ රංගනයෙන් දායක වන රුමාල් ධනංජන මෙවර සංවාදයට මාෂි සේනානායක සමගින් සහභාගි වේ.
"පාට කුරුල්ලෝ කියන්නේ මගේ ජීවිතේ ටර්නින්ග් පොයින්ට් එක. 2017 ඉදන් 2021 වෙනකම් සියලුම නාළිකාවල අවුරුදු කුමරා තරගවල අවසන් මහා තරඟය වෙනකම් ඉදලා තියනවා. මම ප්‍රාර්ථනා කළේ මම කවදාවත් දිනන්න එපා කියලා. මම දන්නවා මට දිනන්න බෑ. තාම ගෑණූ ළමයෙක්ගෙන් 'ආස්ක් අවුට්' කරලා නෑ. හැබැයි මම ගෑණූ ළමයෙක්ට අවුරුදු 8ක් කැමති වෙලා හිටියා." යැයි ඔහු සංවාදයට එක් වෙමින් පවසයි.
"මම ආසාවෙන් ඉන්නවා මගේ ප්‍රථම ප්‍රේමය අවසන් ප්‍රේමය කරගන්න.
මම මතකයන් වලට හරිම අකමැති කෙනෙක්. මම ක්‍රීඩකයෙක් වෙන්න හිටපු කෙනෙක්. උදව් අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදව් කරන්න 'තොයිලේ' කියලා ප්‍රසංගයක් කළා. මම පවුලෙන් අයින්වෙලා තනියම ජීවත් වෙනවා." යැයිද ඔහු වැඩිදුරටත් වංවාදයේදී පවසයි.
සංවාදය හෙට සවස 07ට යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වේ.